මලික් බරටම වැඩ !
1 min read
විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ඇමැතිකම් පිරිනමා ආණ්ඩුව වෙත එකතු කරගැනීමේ සාකච්ඡා සිදු කරමින් ඇත්තේ, හිටපු එ.ජා.ප. සභාපති මලික් සමරවික්‍රමගේ සහ නීතිඥ ක්‍රිෂාන්ත කුරේ හරහා බව වාර්තා වේ.
මෙම දෙදෙනා දැනටමත් රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, දිගම්බරම් ඇතුළු ස.ජ.බ. මන්ත්‍රීවරු කණ්ඩායමක් සමඟ පළමු වටේ සාකච්ඡා පවත්වා අවසන් කර ඇත. ඉදිරි සතිය තුළ දෙවන වටයේ සාකච්ඡා පවත්වා අවසන් එකඟතාවන් ඇති කර ගැනීමට නියමිතව තිබේ. ඉන් පසුව ජනාධිපතිවරයාට අවසන් දැනුම්දීම සිදු කර එකඟතාවට එළඹෙන විපක්ෂ මන්ත්‍රීවරුනට අමාත්‍ය තණතුරු පිරිනැමීමට නියමිතව තිබේ.
කොළඹ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය මෙම ක්‍රියාදාමය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව පැවසේ.
- විජය රාමනායක –
