ගෝඨා FCIDයට !
1 min read
අද (11) දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ, ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.
මෙම විමර්ශනයට අදාළව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද ඊයේ දිනයේ දී FCIDයට කැඳවා තිබූ අතර එහිදී ඔහුගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
මීට පෙර සිකුරාදා දිනයන් හි අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විමර්ශන ඒකක වලට කැඳවනු ලැබූ හිටපු දේශපාලනඥයින් බොහෝවිට අත්අඩංගුවට ගෙන, සවස් වරුවේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ද දක්නට ලැබී ඇත.
- රවීන්ද්‍ර ගලප්පත්ති
