ජගත් වික්‍රමරත්න කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කෙරේ !
1 min read
ජාත්‍යන්තර පාර්ලිමේන්තු කටයුතු පිලිබද සම්මේලනයේ සභිකයන් පත්කරගැනීම සදහා ජන්දය ලබාදීමට කතානායක ජගත් වික්‍රමරත්න ලගදීම විදෙස් ගතවීමට නියමිත අතර, නැවත ලංකාවට පැමිනි පසු ඔහු කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් ගෙන් බහුතරයක් ජගත් වික්‍රමරත්න මහතා ඉවත්කරන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇති අතර ජනාධිපතිවරයා ද එම මතයේ පසුවෙයි.
නමුත් බිමල් රත්නායක ඇතුළු කීපදෙනෙක් ගේ අදහස වී ඇත්තේ ජගත් වික්‍රමරත්න ඉල්ලා අස්විය යුතු නැති බවයි.
තමා පසු පෙල මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරනවා ද නැද්ද පිලිබද තවදුරටත් සිතා බැලිය යුතු බව කතානායකවරයා සිය කාර්යාලීය සේවක මණ්ඩලය සමග පවසා ඇත.
වර්තමාන කතානායකවරයා ඉල්ලා අස්වුවහොත් මාලිමා රජයේ තුන්වන කතානායකවරයා ලෙස වෛද්‍ය රිස්වි පත්වනු ඇති බව විශ්වාස කෙරේ.
- දුලාර සම්පත් ගුණතිලක
