June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජයේ මුදලින් හමුදාවේ කොල්ලෝ හදන හමුදාපතිගේ සුපිරි හෝටලය සහ ගේ ලීක්…!

1 min read

යුද්ධ හමුදාපති දූෂිතයෙකු යැයි පැවසූ වාර ගාන අනන්තය. නමුදු ජනාධිපතිවරයා පිච්චියකට එය මායිම් නොකර ඔහුට වසරක සේවා දිගුවක් ලබාදුනි. ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා මුලා කරමින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට සැරසේ.

නුගේගොඩ හතේ කණුව ජම්බුගස්මුල්ල මාවත ඉදිවන මහල් හයකින් යුතු සුපිරි හෝටලයේ ඡායාරූප මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

ඉදිකරමින් පවතින මෙම හෝටලය කැනඩාවේ පදිංචි රැල්ෆ් රොඩ්ගූ නම් ඔහුගේ පුතාට අයත් ඉඩමක ඉදි වන අතර එහි ලියවිලි සියල්ලෙහි පිටපත් අප සතුය.

මෙම ඉදිකිරීමට වැය වන මුදල් සියල්ල යුද්ධ හමුදාපති ගිණුමෙන් සහ සේවා වනිතා ගිණුමෙන් වැය කර ඇති අතර ශ්‍රමදාකත්වය යුද හමුදා සාමාජිකයින්ය.

නීති විරෝධී දෙවැනි ඉදිකිරීම ඔහුගේ බිරිඳ වන සුවේන්ද්‍රනිගේ මහ ගෙදර ඉඩමෙහි ඉදිකරමින් පවතී. මෙම නිවස පමුණුගම මහල් හතරක නිවසකි.

මේ සඳහා යුද්ධ හමුදාපති විසින් ඔහුගේ නමට ව්‍යාජව ලබාගත් බලපත්‍රයක් අවභාවිතා කරමින් යුද හමුදාව බට පිරිස් නීති විරෝධීව යොදාගෙන ඇත.

මේ සියලු ඉදිකිරීම් සඳහා ගල් වැලි අමුද්‍රව්‍ය ප්‍රවාහනය කර සපයනු ලබන්නේ මෑතකදී නීති විරෝධීව මේජර් ජෙනරාල් නිලයට උසස් කරන ලද රොහාන් වෙතසිංහ නැමැති නිලධාරියා විසිනි.

ජනප්‍රිය පුවත්  රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්! අනුරගේ පාර්ලිමේන්තු කතාවට උත්තර?

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබන අඟහරුවාදා පැමිණිල්ලක් සිදු කිරීමට නියමිතයි.

මේ සම්බන්ධව සවිස්තර වාර්තාවක් හෙට දිනයේදී බලාපොරොත්තු වන්න.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x