June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොදු – කිතුණු භේදය, ඇතුළත කතාව

1 min read

වත්තල පැත්තේ රජයේ පාසැලකට නිසි සුදුසුකම් සහිත බෞද්ධාගමික විදුහල්පතිනියක් පත්කර ඇතැයි කියමින්, පාරට ඇවිත් ලතෝනි දුන් පිරිස අතර, ජාතික ජන බලවේගයේ කැබිනට් අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ද සිටියේය. ඔහු ද ඇතුළු පිරිස කියන්නේ, එම පාසැලට කන්‍යා සොහොයුරියක් විදුහල්පති ලෙස පත්කර එවන මෙන්ය.

මේ කියන පාසැලේ නම වත්තල නාගොඩකන්ද ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ය. විදුහල්පති ධූරය දැරීමට සුදුසුකම් සහිත කන්‍යා සොහොයුරියක් එම පාසැලට එවන්නැයි දෙමව්පියන් කියන්නේ වසර 100 කට ආසන්න ඉතිහාසය පුරාම එම පාසැලේ විදුහල්පති තණතුරට පත්කර ඇත්තේ කන්‍යා සොහොයුරියක්ම වීම නිසාය. ඒ සම්ප්‍රදාය පැත්තකට දමා විදුහල්පති ධූරය දැරීමට සුදුසු විදුහල්පතිනියක් එම පාසැලේ විදුහල්පති බවට පත්කර යවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය ය.

වසර 100 කට ආසන්න ඉතිහාසය පුරා එම පාසැලට අනන්‍ය සම්ප්‍රදාය වූයේ එය නම්, මේ අවස්ථාවේ දී ඒ සම්ප්‍රදායට අභියෝග කළේ කුමන හේතුවක් මතදැයි පැහැදිලි කළ යුත්තේ හරිනි ය. හරිනිට හරි මේ තීරණය වැරදි වී ඇත්තේ හරිනි ඉන්න කැබිනට්ටුවේම විද්‍යා හා තාක්ෂණ ඇමති ලෙස අසුන්ගෙන සිටින ක්‍රිෂාන්ත අබේසේනට ය. බලාගෙන ගියාම මේ සිදුවීම හරහා පෙනෙන තවත් කතාවක් වටහාගැනීම ඉතා වැදගත්ය.

කාඩිනල්තුමා ඉන්නේ ආණ්ඩුව සමඟය. ඉන්නෙත් නිකන් නොවේ. “ෂැපේ” ය ! සිරිල් ගාමිණී පියතුමා හරහා කාඩිනල්තුමා රඟදක්වන “මහමොළකරු” දැන් සොයාගන්නට යන්නේ සිංහල බෞද්ධයන් අතරින් ය. පාස්කු ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජන සමාජයම පිළිගත් අන්තවාදී සහරාන්ලා ය. ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රහිම් නානාගේ පුත්තු දෙදෙනකු ද ඊට හවුල් ය. එම ප්‍රහාරයෙන් මරණයට ලක් වූ අය අතර ඇමැරිකන් ජාතිකයෝ 5 දෙනෙක් ද වූවාය. ඒ නිසාම ලොව සුපතල FBI ආයතනය ද මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකර එරට අධිකරණයටද දිවුරුම් පෙත්සමක් ලෙස එය වාර්තා කළේය. ඒ කිසිවක සිංහල බෞද්ධ මහමොළකරුවකු ගැන කිසිවක් කියැවෙන්නේ නැත. එහෙත්, කාඩිනල්තුමාට හා ආණ්ඩුවට නින්ද යන්නේ, මේ අපරාධයත් සිංහල බෞද්ධයා පිට පැටවූ විටය. ඒ නිසා ශානී අබේසේකර ලවා ඔවුන් හොයන්නේ සිංහල බෞද්ධ “මහමොළකරු” ය.

ජනප්‍රිය පුවත්  කොමිෂම් සහ "ත්‍රි සම්"

මේ සෙල්ලමෙන් දැන් වෙමින් ඇත්තේ සිංහල බෞද්ධයා හා සිංහල කතෝලිකයා අතර බෙදීමක් ඇති කිරීමය. ඒ බව පෙන්නේ සමාජ මාධ්‍ය පරිශීලනය කළ විටය. මෙතුවක් නොතිබුණු ඒ අළුත් බෙදීම හදන්න ජනාධිපති අනුර ඇතුළු කාඩිනල්තුමන්ලා “ට්‍රයි” කරන්නේ කුමන හේතුවකට විය යුතුද ?

වත්තල ඉස්කෝලේ ප්‍රශ්නය ද ඇති කරන්නේ හරිනි ය. වසර 100 කට ආසන්න එම පාසලේ ඉතිහාසය පුරාම එහි විදුහල්පති තණතුර දරන ලද්දේ කන්‍යා සොහොයුරියක් නම්, ඒ සම්ප්‍රදාය මේ අවස්ථාවේ දී බිඳ දැමුවේ කුමකට ද ? එය ද සිංහල කිතුනු සමාජය ආගමික වශයෙන් බෞද්ධ විරෝධී සටන්පාඨය කරා ගෙන එනු පිණිස කරගෙන යන මෙහෙයුමට අනුව සිදුකෙරුණක් ද ? විදුහල්පති තණතුර කන්‍යා සොහොයුරියකට නොදෙන්නෙත් ආණ්ඩුව ය. එය ඉල්ලන්නෙත් ආණ්ඩුවේ කැබිනට් ඇමති අබේසේන ය. (මේ අබේ හිච්චි අබේ නොවන බවද තේරුම් ගැනීම වැදගත්ය.)

නැති ප්‍රශ්නයක් ඇති කර, ඒ ප්‍රශ්නය මත සිංහල බෞද්ධ හා සිංහල කිතුනු බෙදීමක් ඇති කිරීම මෙහි අරමුණ නොවේනම් මෙය මෙසේ විය හැකිද ? පාස්කු මහමොලකරු සෙවීමේ නාටකයෙත්, මේ විදුහල්පති පිළිබඳ නාටකයෙත් ඇත්තේ ඒ අරමුණ නොවේනම් වෙන කුමන අරමුණක්ද ?

ජනප්‍රිය පුවත්  ගරු ලොල්ලනායකුමනි, රෙදි ඉල්ලේ!

ජනාධිපති අනුර, ඊළඟ ජනාධිපතිවරණය දිනන්නට හදන්නේ කාටවත් නොතේරෙන සැලසුමකින් ය. ඒ, උතුර හා නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද ද, වතුකරයේ දෙමළ ඡන්ද ද, සෙසු ප්‍රදේශවල වෙසෙන මුස්ලිම් හා දෙමළ ඡන්ද ද වැඩි වශයෙන් ගැනීම ඔහුගේ අරමුණ ය. ඒ ඡන්ද වැටෙන්නේ ආර්ථික ප්‍රශ්න මුල්කරගෙන නොව, ජාතිකත්වය පිළිබඳ සාධකය මුල්කරගෙනය. සහරාන්ලා කළ දෙයින් කෙල වී තිබූ මුස්ලිමුන්ගේ “කාඩ්” එක බේරා දුන්නේ අනුර නිසා ඒ ඡන්ද වැටෙන්නේ අනුරට ය. රාජපක්ෂලාගෙන් හා හමුදා ප්‍රධානින්ගෙන් ඇට්ටි හැලෙන්නට පලිය ගන්නෙත් අනුර නිසා දෙමළ ඡන්ද වැටෙන්නෙත් අනුරට ය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ටද ඡන්ද බලය දුන් විට, දෙමළ ඩයස්පෝරාවම ඡන්දය දෙන්නේ අනුරට ය. දැන් කළ යුත්තේ සිංහල ඡන්දවල කතෝලික ඡන්දය අනුරගේ කර ගැනීමය. ඒකට “මහමොළකරුවා” බෞද්ධයකු කර, සිංහල බොදුණු – කතෝලික භේදය වැවිය යුතුය ! වත්තල පාසැලේ විදුහල්පති හුටපටය ද අප කියවාගත යුත්තේ මේ සැලැස්මේ කොටසක් ලෙසය.

මේ බෙදීම තව වර්ධනය කළ විට, කතෝලික දේවස්ථානයට ගල් ගසන සිංහල බෞද්ධයන් ආණ්ඩුව විසින්ම නිමවනු නියතය. එවිට, ඒ වැඩවල මහමොලකරු කියා විපක්ෂය දඩයම් කිරීම ද සිදුවිය හැකිය. අප නොදන්නා අන්තයක් කරා මේ ගින්න රැගෙනයාමේ වාසිය ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණය දිනන හැටි හිතන අනුර කුමාරට ය. කාඩිනල්තුමා කරන්නේ ඒ “මැච් එකේ” තමන්ට පැවරුණු භූමිකාවය.

ජනප්‍රිය පුවත්  කයියේ පැස !

අවසානයේ සිදුවන්නේ, සිංහල බොදුනු සිංහල කතෝලික ගැටුම ඇති කර, සිංහල බෞද්ධයා ජාත්‍යන්තරව හුදකලා කිරීමය. දෙමළ ඊළම වෙනත් අයුරින් නිමැවීම සාධාරණීකරණය කිරීමය. සිංහල බෞද්ධයා මේ බිමෙන් නැත්තටම නැති කිරීමය.

මේ සැලැස්ම නොතේරෙන විපක්ෂයේ බබාලට අපට දෙන්නට තියෙන්නේ “උම්මා” පමනය !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x