June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොඩි අරක්කු සමාගම් හාන්සියි ; මාලිමා ආණ්ඩුව ගජ මිතුරන්ට වෙළඳපොළ අත්පත් කර දෙන්නේ මෙහෙමයි!

1 min read

මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 12ක් සඳහා එක් එක් බලපත්‍රය වෙනුවෙන් රුපියල් මිලියන 120ක පමණ ආපසු නොගෙවන විශාල තැන්පතුවක් ලබා ගැනීමට නව නියෝගයක්, නොවැම්බර් 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට ධනය වැය කළ මහා පරිමාණ සමාගම් දෙකක් සුරක්ෂිත කිරීමේ අරමුණෙන් බවට මේ වන විට චෝදනා එල්ලවී තිබේ.

එසේම, මේ අතර ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර මහතා ද මත්පැන් නිෂ්පාදන ව්‍යාපාරයට නව නිෂ්පාදනාගාරයක් එක් කිරීමට සැලැසුමක් ඇති බවට මාධ්‍ය වාර්තා පැතිර ඇත.

ඒ සඳහා ඔහු කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් 5-6ක් පමණ මිලදී ගෙන, ඒවා වසා දැමීමට සැලසුම් කර ඇති බවට ද වාර්තා පැතිර තිබේ.

මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී, සුරාබදු නොගෙවන සමාගම්වල නිෂ්පාදන බලපත්‍ර මාසයක් තුළ අහෝසි කිරීමට රජය නියෝග කළ අතර, රජයේ මුදල් කාරක සභාවේ සභාපති ලෙස හර්ෂ ද සිල්වා මහතා ඊට සම්පූර්ණ අනුමැතිය ලබා තිබිණි.

බැලූ බැල්මට මෙය රාජ්‍ය ආදායම කාර්යක්ෂම කිරීමක් ලෙස පෙනුණද,එය කුඩා මත්පැන් නිෂ්පාදකයෝ හාන්සි කිරීමේ සැලැසුමේ කොටසක් බවටත් චෝදනා එල්ලව තිබේ.අදාළ නීති හේතුවෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයින්ට මාසිකව මුදල් ගෙවීමේ දැඩි මූල්‍ය අභියෝගයකට මුහුණ දීමට සිදුවන අතර, ඉන් එම සමාගම් වැසීයාමේ අවදානම තීව්වර කර ඇති බව ආර්ථික විශේෂඥ මතය වේ.

ජනප්‍රිය පුවත්  වසන්තය කියන්නේ ඇයටයි මටයි…🎶

නිරෝෂන් කුමාර

Lanka Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x