May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැදපෙරදිග නිසා ඉහළ ගිය තෙල් මිල පහළට !

1 min read

මැදපෙරදිග කලාපයේ වර්ධනය වූ යුධ පීඩනය හා හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුකොටගෙන පසුගිය දිනවල ඉහළ ගිය තෙල් මිල මේ වන විට සීඝ්‍රයෙන් පහත බැසීමට පටන්ග‍ෙන තිබේ. ඒ පුනරුද යුගයක් උදා වී ඇති ශ්‍රී ලංකාවේ නොව ඕස්ට්‍රෙිලියාවේ ය.

පසුගිය මාර්තු මාසයට පෙර ඉන්ධන මිල පැවැතියේ ලීටරයක් ඇමරිකානු ඩොලර් 1.2 ක පමණ මට්ටම් ය. එය පසුගිය මාර්තු මාසයේ දී එම අගය ඇ.ඩො. 1.80 පමන අගයක් දක්වා ඉහළ දැමුණි. එහෙත් මේ වන විට එම අගය ඇමෙරිකානු ඩොලර් 1.4 ටත් වඩා අඩු අගයකට පහත බැස තිබේ. ඉදිරි සති කිහිපය තුළ එම අගය පෙර පැවැති ඇ.ඩො. 1.20 මට්ටම දක්වා අඩු වනු ඇතැයි සැලකේ.

ශ්‍රී ලංකාවේ නම්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා එන තෙල් ප්‍රවාහන මාර්ගය අදාළ නොවුනත්, ඉදිරියේදී තවත් වටයකින් තෙල් මිල ඉහළ දමනු ඇතැයි වාර්තා වේ.

  • රුචිර ජයසිංහ –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x