පැනලා යන්න නම් මේකට එන්නෙත් නෑ – නන්දලාල්ගෙන් විමල්ට පිළිතුරු
1 min read
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඔහුගේ ධුර කාලය අවසන් වීමට පෙර රටින් පැනයනු ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නන්දලාල් වීරසිංහ මහතා ඊට පිළිතුරු ලබාදුන්නේ මෙසේය.
“ඒක ඉතින් ඔය කියපු කට්ටියගෙන්ම තමයි අහගන්න ඕනෙ. මම අර සති දෙකකට දරුවෝ බලන්න ගිය වෙලාවෙත් මම දැක්කා කවුරුහරි කෑගහනවා පැනලා ගිහිල්ලා කියලා. ආවාට පස්සෙ කියනවා පැනලා ගිහිල්ලා නෑ, දැන් අන්න පාස්පෝට් එක තියාගන්න ඕනෙ පැනලා යයි කියලා බයට. මට කියන්න තියෙන්නෙ මම කිසිම වෙලාවක ප්‍රශ්නයෙන් පැනලා යනවා නම් මම මේකට එන්නෙත් නැහැනෙ ? මම 2022 අමාරුම අවස්ථාවේ මම ඇවිල්ලා මේක බාරගත්තෙ පැනලා යන්න නෙවෙයි. එහෙම නම් ඒ වෙලාවෙ බාරගන්නෙත් නැහැ. එතකොට එහෙම යන්න මගේ බලාපොරොත්තුවක් ඇත්තෙත් නැහැ. නමුත් මම එනකොටම ඒ වෙලාවෙ හිටපු ජනාධිපතිතුමාට කිව්වෙ පනතෙ නැතිවුණත් මහබැංකුව හැටියට ස්වාධීනව කටයුතු කරන්න මට නිදහස තියෙනතාක්කල් පනතේ හෝ නැතිව හෝ හරි දේ කරන්න අවස්ථාව තියෙනව නම් මම මේ තනතුරේ ඉන්නවා”
ප්‍රශ්නය – 2028 ජුනි මාසයෙනුත් පස්සේ ජනාධිපතිතුමා හෝ ඒ අදාළ බලධාරීන් ඔබෙන් ඇරයුම් කරනවා නම් තවදුරටත් මේ තනතුරේ සිටින්න කියලා, ඔබ ඒ ඇරයුම භාරගන්නවාද ?
“ඒක මං හිතන්නෙ ඒ අවස්ථාවේදී තමයි බලන්න ඕනෙ. මම එහෙම ගොඩාක් දුර ප්ලෑන් කරලා මේක කරන්න ආවා කියලා එකක් නෙවෙයි. අවශ්‍යතාවයේ හැටියට මට රට වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න අවස්ථාව තියෙනවා නම් මට ඒකට පැකිළීමක් නැහැ”
නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.
