June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනා නිරීක්ෂණයට මහේස්ත්‍රාත් CIDයට යයි..

1 min read

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් 19 දෙනෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (01) එම දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගොස් තිබේ.

පාස්කු ඉරු දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටී.

එහිදී රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් පිරිස නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ අනෙකුත් අවශ්‍යතා පිළිබඳවද සොයා බැලීමට කටයුතු කර තිබේ.

පැය භාගයකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රැඳී සිටි මහේස්ත්‍රාත්වරයා, එහිදී වගකිවයුතු නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර සැකකරුවන් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන නිල සටහන් තැබීමටද පියවර ගෙන තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x