පාස්කු ප්‍රහාරය ජ.වි.පෙ. වැඩක්ද ?
1 min read
⛔බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වූ ඉබ්‍රාහිම් ජවිපෙ ජාතික ලැයිස්තුවේ..ධනවතුන් වූ ඔවුන්ගේ මුදලින් තමයි ප්‍රහාරයට අවශ්‍ය සියලුම පහසුකම් සැපයුනේ..
⛔සහරාන් හෂිම්ගේ නීතීඥයා වශයෙන් කටයුතු කලේ ජවිපෙ ප්‍රබලයෙක්..(ඔහු කවුද කියා දන්නෝ දනිති…(වරෙන්තු කර සිටි සහරාන්ව තමන්ගේ පුද්ගලික වාහනයෙන් මඩකලපු අධිකරණයට සඟවාගෙන රැගෙන ගියේ ඔහු බව නීතීඥ මනෝජ් ගමගේ මෑතකදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෙලිදරව් කලා)
⛔පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට පෙර බුද්ධි වාර්තා මගින් ඒවා හෙලිදරව් කරගෙන පහරදෙන දිනය වෙලාව පුද්ගලයින් සහ ස්ථාන පිළිබඳව
සීඅයිඩී එකේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වු ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නට ලැබුනු
වට්ස්ඇප් පණිවිඩ කිසිවක් සැලකිල්ලට
නොගෙන ප්‍රහාරය සිදුවීම වලක්වා ගත්තේ නෑ.
පසුව ඔවුන් මාලිමාවට සම්බන්ධ වී දේශපාලන කටයුතු පවා සිදුකලා..වර්තමානයේ අනුර දිසානායකගේ සමීපතමයන් වශයෙන් ආණ්ඩුවේ දේශපාලන ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔවුන් පොලිසිය සහ සීඅයිඩී එක නිර්ලජ්ජීතව පාවිච්චි කරනවා..
මිත්‍රවරුනි ඔබට මතකද 2019 අප්‍රේල් වෙනකොට ලංකාවේ දේශපාලන තත්වය..
ජාතිකවාදී බලවේගවල ආශීර්වාදයෙන් රාජපක්ෂවරු ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
2018 වසරේ පැවති පළාත් පාළන මැතිවරණයෙන්
පළාත් පාලන ආයතන 220 කට වඩා වැඩි ගණනක් අතිවිශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර ඉතාමත් ශක්තිමත් දේශපාලන පසුබිමකයි හිටියේ..
2015-2019 සිරිසේන-රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ඒ වෙද්දී දැඩි ජනතා අප්‍රසාදයට පත්ව කුල්ල කුජීත වුනු අන්ත අසරණ තත්වයක හිටියා..ඔවුන් ඊලඟ මැතිවරණ වලින් අකුලා දමන්නට ජනතාව ඡන්ද පත්‍රිකාවක් සොයමින් හිටි කාලයක්…
2019 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නියත ඒකාන්ත වශයෙන්ම ජයග්‍රහණය කරන තත්වයක් තිබුනා..”බුලත් කොලෙන් බැරිනම් කැන්ද කොලෙන් හරි ඉල්ලුවත් දෙනවා” කියමින් තමයි රටේ ජනතාව කියමින් සිටියේ..
අමුතුවෙන් බෝම්බ පුපුරවා මැතිවරණ දිනන්නට උවමනාවක් ඒ වෙනකොටත් බඹරා වැල්ලෙත් කැරකෙවෙන මට්ටමක තිබුනු රාජපක්ෂලාට උවමනාවක් තිබුනේ නෑ…
එහෙනම් එවැන්නකින් දේශපාලන වාසියක් ලැබෙන්නේ කාටද?
⛔කිසියම් හෝ තුන්වෙනි පාර්ශවයක මැදිහත් වීමකින් එවැනි ප්‍රහාරයක් එල්ල කර රටේ ජාතික ආරක්ෂාව ගැන තක්සේරුවක් ජනතාවට ලබාදී රනිල් සහ සිරිසේනගේ යහපාලන ආණ්ඩුවේ ඉරණම පොලොවේ වලලෑමට පුලුවන්..ඒක තමයි මිනී පෙට්ටියට අන්තිම ඇණය..
⛔කිසියම් හෝ තුන්වෙනි පාර්ශවයකට
එවැනි ප්‍රහාරයක් එල්ල කර එය රාජපක්ෂලාගේ
ඇඟේ එල්ලීමෙන් එවකට ඔවුන් අත්කරගෙන
සිටි ජනප්‍රියත්වයට කෙලවා දමන්න පුලුවන්..
⛔එවැනි තුන්වෙනි පාර්ශවයක් සක්‍රීය දේශපාලනයේ නිරතව සිටිනවානම් වල්වාසිය ඔවුන්ට ලබාගන්නට පුලුවන්..
එය 2019 එලඹෙන ජනාධිපතිවරණයේදී නොවුනත් (2019 බෝනස් අවස්ථාව,ඒ වෙලාවෙ ගේම් එක වැඩකලොත් එහෙමයි.නැත්තම් පසුවට) ඉන් පසුව එලඹෙන මතු අනාගතයේ ඕනෑම අවස්ථාවක අදාල කාරණාව ජනමනසට එබ්බවීමෙන් අති දැවැන්ත දේශපාලන වාසියක් තුන්වෙනි පාර්ශවයට ලබා ගන්නට පුලුවන්…
මිත්‍රවරුනි..
2019 න් පසුව ගතවූ වසර කිහිපය විමසා බලන්න..වර්තමාන තත්වය විමසා බලන්න..
අදාල තුන්වෙනි පාර්ශවයක් සිටිනවා නම්
ඒ තුන්වෙනි පාර්ශවය ජනතා විමුක්ති පෙරමුණදැයි අපි හරියටම කියන්නට දන්නේ නෑ..
නමුත්..නමුත්..නමුත්..
සටහන ආරම්භයේ ගෙන දැක්වූ කාරණා ත්‍රිත්වයත් අනෙකුත් පසුබිම් කාරණාත් සැලකිල්ලට ගැනීමේදී විචාරශීලී පුරවැසියන්ට එවැනි සැකයක් මතුවීම අසාධාරණ නෑ නේද?
ජවිපෙට ඇති කුප්‍රකට ලේ තැවරුනු ඉතිහාසය අපිට අමතක කරන්න බෑ..
සැකකිරීමේ අයිතිය අපිට තිබෙනවා…
බලයට පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාරය සුරේෂ් සලේ හරහා රාජපක්ෂලාගේ ඇඟේ ගසා රාජපක්ෂවරුන්ගේ දේශපාලන අරටුව වන ජාතිකවාදී කඳවුර සමතලා කිරීමට ප්‍රයන්ත දැරීමම එවැනි සැකයකට හේතුවක්..
FBI ආයතනය වැනි වගකියයුතු ජාත්‍යන්තර අපරාධ විමර්ෂණ ඒජන්සිවල වාර්තා පසෙකලා දෙමළ ඩයස්පෝරා හිතවාදී චැනල් 4 නාලිකාවේ වාර්තාසැලකිල්ලට ගනිමින් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ සිදුකිරීමම විහිලුසහගතයි..
ඊයේ පාර්ලිමේන්තුටවිදී පොලිස් ඇමති ආනන්ද විජේපාල සඳහන් කලා ඔවුන් චැනල් 4 නාලිකාවෙි වාර්තාවක් අනුව විමර්ෂණය කරන බව..අදහාගන්නටත් බෑ නේද? 😄
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු ගැන අපිට වෙනත් මානවලින් හිතන්නට කාලය ඇවිත්…
මිත්‍රවරුනි,
ජනවහරේ ප්‍රසිද්ධ කියමනක් තියනවා..
“විදින්නේ පඳුරට වැදෙන්නේ හාවට…”
-මාලින්ද ඩයස්-
