September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඖෂධ මාෆියාව

1 min read

පහුගිය ආණ්ඩු ගෙදර යවන්න පවා එදා විපක්ෂය ප්‍රධාන මාතෘකාවක් කරගත්තේ බාල බෙහෙත් මාෆියාවයි.
ඒත් අද ඒ ක්‍රියාවලියම ඊටත් වඩා පියවර කිහිපයක් ඉස්සරහට ඇවිත් ජයටම ඒ මාෆියාව කරගෙන යනවා..

රට තොටේ තියෙන සාමාන්‍ය ෆාමසියකට ගොඩවෙලා බලන්න,.

ඩොක්ටර් ලියලා දෙන ප්‍රධාන පෙළේ, කොලිටි බෙහෙතක් ඉල්ලුවහම අද ෆාමසි මුදලාලිලා දෙන්නෙ එකම උත්තරයයි.

“ඒක නෑ මහත්තයා.. ඒ වෙනුවට මේක තියෙනවා” කියලා අතට දෙන්නෙ අහලවත් නැති බාල බ්‍රෑන්ඩ් එකක ජෙනරික් බෙහෙතක්.

ඇයි මෙහෙම වුණේ?

මේක පිටුපස තියෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වත්මන් සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්තයාගේ සුපිරි “මිල සූත්‍ර” (Price Formula) ක්‍රියාකාරීත්වය සහ බලධාරීන්ගේ කුසීත, මන්දගාමී පිළිවෙතයි..

ආනන්ද විජේවික්‍රම මහත්මයා දැන්වත් තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕනේ. බැරි නම් ඔය පුටුවෙන් බැහැලා ගිහින් තමන්ගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් කරගෙන පැත්තකට වෙන්න ඕනේ.

රටක මහජන සෞඛ්‍යය කියන්නේ තමුන්ගේ මන්දගාමී, අලස තීරණ නිසා බිලිදෙන්න පුළුවන් සෙල්ලම් බඩුවක් නෙවෙයි

අපි දත්ත එක්ක කතා කරමු මොකද බොරුව අල්ලෙන් වහන්න බෑ..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ SWASTHA ඖෂධ තොග කළමනාකරණ පද්ධතියේ නිල දත්ත සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිකුත් කරපු වාර්තා දිගඇරලා බලන්න..

රජයේ රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය ප්‍රමුඛතා (Priority) ඖෂධ වර්ග 618න් ඖෂධ බහුතරයක් සම්පූර්ණයෙන්ම අවසන්..

මධ්‍යම ඖෂධ ගබඩාවේ (MSD) අත්‍යවශ්‍යම ජීවිතාරක්ෂක (Vital) ඖෂධ වර්ග හිඟයි..

පිළිකා රෝගීන්ට ලබා දෙන ‘Oxaliplatin’ සහ ශ්වේත රුධිරාණු වර්ධනය කරන ‘Filgrastim’ වැනි ඖෂධ වර්ග 40කට අධික ප්‍රමාණයක් දිගු කලක් තිස්සේ හිඟවීම නිසා අද රෝගීන් මරණයේ දොරකඩට තල්ලු වෙලා..

ජනප්‍රිය පුවත්  මහා සංස්කෘතිය සහ වෝක් උමතුව

පහුගිය කාලෙ අත්‍යවශ්‍ය ඖෂධ හංගන් ඉන්න අතරේ, NMRA එකේ අනුග්‍රහයෙන් රටට ආපු බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ (Substandard Drugs) නිසා අහිංසක මිනිස්සු කීදෙනෙක් ජීවිතවලින් වන්දි ගෙව්වාද..?

වමනය පාලනයට දෙන ‘Ondansetron’ එන්නත සහ ඇතැම් ප්‍රතිජීවක (Antibiotics) ඖෂධ භාවිතයෙන් පසු සිදුවූ බරපතළ අසාත්මිකතා සහ මරණ හේතුවෙන් NMRA එකට විරුද්ධව ජනතාව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගිහින් තියෙනවා.

වෛද්‍යවරුන්ගේ සංගම් හෙළි කරන පරිදි පසුගිය වසර දෙක තුළ පමණක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ කාණ්ඩ (Batches) 100කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රමිති අසමත් වීම නිසා වෙළඳපොළෙන් තාවකාලිකව හෝ ස්ථිරවම ඉවත් කරන්න වුණා..

පිළිගත් ඖෂධ නියෝජිතයෝ NMRA එකේ අනුමැතිය දෙනකල් නීත්‍යානුකූලව බලන් ඉද්දී, කළු කඩ කාරයෝ ගුණාත්මක ඖෂධ හොර පාරෙන් ගෙනත් හිතුමනාපෙට විකුණනවා.
උෂ්ණත්වය පාලනය (Cold Chain) නොකර හොර පාරෙන් එන මේ කළු කඩ බෙහෙත්වල ප්‍රමිතිය ගැන වගකියන්නේ කවුද..?

මේවා විදලා මිනිහෙක් මැරුණොත් ආනන්ද විජේවික්‍රම වගකීම ගන්නවද..?

තමන්ව නඩත්තු කරන ජනතාව ගැන හිතන්නේ නැති NMRA එක පවත්වාගෙන යන මේ ගතානුගතික, කොමියුනිස්ට් පන්නයේ මිල පාලනය (Price Formula) නිසා අද ලංකාවේ කිසිම උසස් තත්ත්වයේ ඖෂධයක් (Innovative Brands) ඉතුරු වෙලා නැහැ.

ජනප්‍රිය පුවත්  සීනි වෙනුවට හදුන්ගේ හාල්

ලෝකේ පිළිගත්තු ප්‍රමිතිගත සන්නාම සේරම ලංකාව දාලා යන්න ගිහින්. ඒ වෙනුවට අද වෙළඳපොළ පිරිලා තියෙන්නේ ප්‍රමිතියෙන් තොර, බාල, අඩු මිල සන්නාම සහ ආදේශකවලින් (Substandard Generics).
එතැනින් නවතින්නේ නෑ, පෞද්ගලික රෝහල් අද තමන්ගේ වෛද්‍ය පරීක්ෂණවල (Lab Tests) තත්ත්වය සිතාමතාම බාල කරලා..

ඒ ඇයි…?

NMRA එක පනවලා තියෙන පාලන මිලට උසස් තත්ත්වයේ රීඒජන්ට් (Reagents) දාලා ලංකාවේ පරීක්ෂණ කරන්න බැහැ.

ඉතින් රෝහල් කරන්නේ ලැබ් රිපෝට්වල ප්‍රමිතිය බාල කරන එක.

අවසානයේ රෝග විනිශ්චය වැරදිලා මැරෙන්නේ අහිංසක මිනිස්සු..

වහාම සිදුවිය යුතු ව්‍යූහාත්මක වෙනස්කම් (Structural Reforms) ගොඩක් තියෙනවා..

ආනන්ද විජේවික්‍රම ඇතුළු බලධාරීන්ට අපි කියන්නේ, තවදුරටත් මේ සාම්ප්‍රදායික ලිපිගොනු ක්‍රමයට රටක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා.

සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන පරිදි NMRA ආයතනය තුළ වහාම මේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදුවිය යුතුමයි..

ඩිජිටල්කරණය (Online Tracking System): ඖෂධ ලියාපදිංචි කිරීමේ අයදුම්පත් භාරගැනීමේ සිට අනුමැතිය දීම දක්වා සමස්ත ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුත්, මහජනයාට නිරීක්ෂණය කළ හැකි සබැඳි (Online) පද්ධතියකට වහාම හැරවිය යුතුයි.

එවිට ෆයිල් හංගගෙන මාෆියා කිරීමට නිලධාරීන්ට ඉඩක් ඉතිරි වෙන්නේ නෑ.

අත්‍යවශ්‍ය නවීන ඖෂධ සඳහා ලංකාව ඇතුළත නැවත වසර ගණන් පරීක්ෂණ නොකර, ‘Fast-Track’ අනුමැතිය දීමේ විශේෂ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

ශ්‍රී ලංකාවට ඇතැම් ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පහසුකම් නෑ..,

එනිසා ” රසායනාගාර වැඩිදියුණු කළ යුතුය,” යනුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPA) නිර්දේශ කර ඇති පරිදි, ආනයනය කරන සෑම ඖෂධ කාණ්ඩයක්ම වෙළඳපොළට දැමීමට පෙර පරීක්ෂා කළ හැකි WHO ප්‍රමිතියේ විද්‍යාගාරයක් වහාම ස්ථාපිත කළ යුතුය.

ජනප්‍රිය පුවත්  ඇමරිකානු "ලිලී පෑඩ්" (Lily Pad) යුධ උපායමාර්ගය සහ ශ්‍රී ලංකාව

වෙළඳපොළ නිරීක්ෂණය (Market Surveillance) ලොකුම ප්‍රශ්ණයක්…

කළු කඩ මිලට හොර රහසේ විකුණන ප්‍රමිතියෙන් තොර ඖෂධ වළක්වා ගැනීමට, NMRA හි ඖෂධ පරීක්ෂකවරුන් මාර්ගයෙන් රට පුරා නිරන්තර වැටලීම් සහ පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතුයි.

නම්‍යශීලී මිල සූත්‍රයකි (Flexible Pricing Formula) වහාම ඇති කල යුතුය..

ඩොලරයේ අගය සහ ලෝක වෙළඳපොළේ මිල ගණන් සමඟ ගැලපෙන, රෝගියාට මෙන්ම පිළිගත් ආනයනකරුවන්ටද සාධාරණ විද්‍යාත්මක මිල සූත්‍රයක් සකස් කළ යුතුයි..

නැතහොත් සිදුවන්නේ ගුණාත්මක ඖෂධ රටින් තුරන් වී බාල බෙහෙත් පිරීම පමණි.

අද පවතින මේ සමස්ත සෞඛ්‍ය ඛේදවාචකයටම, ඖෂධ මාෆියාවටම සහ කළු කඩ වෙළඳපොළටම සෘජුවම වගකිව යුත්තේ සෞඛ්‍ය ඇමතිවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එහි සභාපති ආනන්ද විජේවික්‍රමයි..

ඔහූගෙ මන්දගාමී, අකාර්යක්ෂම සහ ගොළු පිළිවෙත නිසා රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අද සෙල්ලමකට ලක්වෙලා ඉවරයි.

කරන්න තියෙන්නේ ජනතාවට ගෙදර ගිහින් කොත්තමල්ලි ටිකක් බීලා හිටපිය කියන්න නෙවේ.. දවසින් දෙකෙන් විසඳන්න පුළුවන් මේ පරිපාලනමය ගැටළු විසඳන එකයි…

  • නිලන්ත සත්සර ගමගේ ✍️
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x