නානට හිනා !
1 min read
මේ ඉන්නේ ඊබ්‍රහිම් නානාය. ඔහු සිටියේ දෙමටගොඩ ය. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළඋන් අතර, ඊබ්‍රහිම්ගේ පුත්තු දෙදෙනකු ද විය. පසුව අණාවරණය වුණේ, පාස්කු ප්‍රහාරයේ සිදුකළ ප්‍රධානියා වූ සහරාන් හෂීම්ලාට අවශ්‍ය මුදල් හදල් දුන්නේ ද ඊබ්‍රහිම් කියාය.
මේ මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම් ලංකාවේ විශාලතම කුළුබඩු අපනයන සමාගමක හිමිකරුවකු වන ප්‍රකෝට්පති ව්‍යාපාරිකයෙකි. මොහු දේශපාලන සබඳතා පැවැත්වූයේ ජ.වි.පෙ. සමග ය. ජ.වි.පෙ. ජාතික ලැයිස්තුවේ ද ඔහුගේ නම ඇතුළත්ව තිබුණේ දේශපාලන විශ්වාසය එතරම් බලවත් නිසාය.
ඊබ්‍රහිම්ගේ පුත්තු දෙදෙනා වූයේ ඉල්හාම් අහමඩ් ඊබ්‍රහිම් හා ඉන්ෂාෆ් අහමඩ් ඊබ්‍රහිම් ය. ඉල්හාම් තම සිරුරේ වූ බෝම්බය පුපුරුවා හැරියේ කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලය තුල ය. ඉන්ෂාෆ් ඒ පියවරම ක්‍රියාත්මක කලේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ය.
ඉන්ෂාෆ් අහමඩ් ඊබ්‍රහිම් තඹ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් විය. පසුව අණාවරණය වූයේ මෙම ප්‍රහාරයට අවශ්‍ය බෝම්බ නිපදවීම සඳහා අවශ්‍ය ඇතැම් ද්‍රව්‍ය සපයා ගැනීමට එම කර්මාන්තශාලාව ද භාවිතා වූ බවය.
2019 අප්‍රේල් 21 දින ආරක්ෂක අංශ දෙමටගොඩ පිහිටි ඊබ්‍රහිම්ලාගේ නිවසට ගියේ පරීක්ෂා කර බලන්නට ය. එහිදී, මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම්ගේ පුත් ඉල්හාම්ගේ බිරිඳ (ඊබ්‍රහිම්ගේ ලේලි) සිය දරු ගැබද සහිත සිරුර පුපුරුවාගත්තේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමක් උපයෝගී කරගෙන ය. එම පිපිරීමෙන් ඇය පමණක් නොව ඇයගේ කුඩා දරුවන් තිදෙනා සහ නිවස වැටලීමට ආ පොලිස් නිලධාරින් තිදෙනකු ද මිය ගියේය.
මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම්ව, පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොහොතේ ඔහු හඬ නගා කියා සිටියේ “මගේ පුත්තු දෙන්නෙක් මරාගෙන මැරුණා. දැන් මාවත් මරපල්ලා!” යනුවෙනි. මෙම ප්‍රහාරය ගැන සියලු තොරතුරු දැන සිටි කිහිපදෙනාගෙන් එක් අයකු වූයේ මොහුය. එම ප්‍රහාරයට සල්ලි වියදම් කළේ ද මොහුය. තම පුතුන් දෙදෙනා ප්‍රහාරය සඳහා යොදා ගැනෙන බව දැන සිටි තාත්තා වූයේ ද මොහුය. තම ලේලිය ද මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සමඟ පුපුරවාගෙන මැරෙන්න සූදානමින් සිටින බව දැන සිටියේ ද මොහුය. මේ සියල්ල දත් මේ මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම් ඉන්නේ දැන් නිදහසේ ය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුව එන හැමඑකාටම විවෘත වන්නේ නැත. ඊබ්‍රහිම්ට එය විවෘත වූයේ දෙගොල්ලො අතර පැවති දේශපාලන සබඳතාව එතරම් බරපතල නිසාය. ඒ අනුව අපිට සිතාගත හැක්කේ දැන් මෙරට බලය හොබවන්නේ ඊබ්‍රහිම්ගේ විශ්වාසය දිනාගත් දේශපාලන පක්ෂය බවය. ඒ පක්ෂය බලය දරන ආණ්ඩුව දැන් ඊබ්‍රහිම් නානාව (සහෝදරයාව) පසෙක තබා කාඩිනල් සමඟ එක්වී පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමේ නාටකයක් රඟ දක්වන්නේ ය. ඒ නාටකය නම් “මහමොලකරු සමග වාසේ” ය.
මහමොලකරු හොයාගන්නට වටේ යාමට උවමනා නැත. එය ඇසිය යුත්තේ ඊබ්‍රහිම් නානා (සහෝදරයා) ගෙන්ය. පුතුන් දෙදෙනා ද, සිය ලේලිය ද, ලේලිගේ කුසේ වූ දරුවා සමඟ තවත් දරුවන් තිදෙනෙක්ද මේ ප්‍රහාරයෙන් අහිමි කර ගත් මේ ඊබ්‍රහිම් කොහේ හෝ මහමොලකරුවකු සිටියේනම් නොදැන සිටීමට හේතුවක් නැත. තම ප්‍රකෝටිපති ජීවිතය ගැන පවා නොසිතා, ඒ වෙනුවෙන් මුදල් වැයකරමින් දායක වූ ඊබ්‍රහිම් නානා නොදන්නා මහමොලකරුවකු සිටිය නොහැක. වැඩේ වන්නේ, ආණ්ඩුවේ “ෂර්ලොක් හෝම්ස්” ශානි අබේසේකරවත්, කාඩිනල්වත්, සිරිල් ගාමිණීවත් “මහමොලකරු” සොයා ගැනීමට ඊබ්‍රහිම් නානා හමුවන්නේ නොමැතිවීමය.
පල්ලියටයි, පල්ලියේ පිල්ලියක් වූ ආණ්ඩුවටයි උවමනා වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධ “ගේමක්” කියා ඒත්තු ගන්වා, කතෝලිකයන් හා සිංහල බෞද්ධයන් අතර ගැටුමකට පිටිය සැකසීමට ය. කාඩිනල්ලා, ජූඩ්ලා, සිරිල්ලා, ශානිලා, රවීලා සමඟ අනුරලා හැතිකරය මේ අටවමින් ඉන්නේ ඒ උගුලය.
මේ දිහා බලාගෙන ඊබ්‍රහිම් නාන ඉන්නේ ෂැපට ෂැපේය. සර්වබලධාරී දෙවියන්වහන්සේ ඉන්නේ හිසට අත් දෙක තබාගෙනය. සිංහල බෞද්ධයා ඉන්නේ මංඤං තත්වයක ය. කාඩිනල් ඉන්නේ ඉනට අත්දෙක තබාගෙන හරි කෙලින් හිටගෙනය. වයින් වීදුරුව පිරී ඇත්තේ මී විතෙන් නොව රුධිරයෙන් ය. අපට කියන්නට ඇත්තේ “ආමෙන් !” කියාය.