June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බුද්ධාගම පමණක් අබිං වීම හෙවත් පැලවත්තේ නූතන කතාව

1 min read

මේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය ය. මෙය ඉදිකිරීම ආරම්බ කරන ලද්දේ 2004 න් පසුවය. ඒ, ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 39 ක් උරුම වීමෙන් පසුය.

මන්ත්‍රීධූර 39 ට අමතරව, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීධූර විශාල ප්‍රමාණයක් එකල ජ.වි.පෙ. සතුව විය. එකල ජ.වි.පෙ. උපායමාර්ගිකව ජාතික විමුක්ති අරගලයට පක්ෂව ක්‍රියා කළේය. එනම්, අධිරාජ්‍ය විරෝධය ජ.වි.පෙ. මූලික දේශපාලන ලීවරය වූ බවය.

ජ.වි.පෙ. බෙදුම්වාදයට එරෙහි වූයේද එම උපායමාර්ගික ගමන් මගට අනුකූලවය. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වූයේ ද ඒ උපායමාර්ගික ගමන් මගට අනුකූලවය. චන්ද්‍රිකාගේ පාලන සමයේ ගෙන එන ලද “සුනාමි සහන මණ්ඩලය” කොටි සංවිධානය සමඟ පිහිටුවීමට ජ.වි.පෙ. එරෙහි වූයේද ඒ අනුවය. ඒ හේතුව මත චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ලැබී තිබූ ඇමතිකම් ද අතහැර එළියට ආවේද ඒ හින්දාය.

මේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී “ලයින් එක” ජ.වි.පෙ. ට ජයග්‍රහණ ගෙන ආවේය. ඒ ජයග්‍රහණ පිටුපස සිටි චන්දදායක අතිශය බහුතරය සිංහල බෞද්ධ විය. සිංහල කතෝලික ද සුළු වශයෙන් හෝ විය. දෙමළ හා මුස්ලිම් සුළුතරයක්ද ඒ අතර සිටියා විය හැකියි.

පැලවත්තේ මේ මූලස්ථානය හැදුනේ ඒ ඡන්දදායකයා දුන් ඡන්දවලින් පත් වූ මන්ත්‍රීවරුන්ගේ වැටුප එකතුකර හැදුන දැවැන්ත අරමුදලෙන්ය. ඊට සමගාමීව ජ.වි.පෙ. වෘත්තිය සමිති බලය ද ඒ වන විට සවිමත්ව පැවතියේය. ඒ සියල්ලේ මහිමයෙන්, ධම්මික පෙරේරාලාගේ “ටයිල්” ද, විවිධ සිමෙන්ති සමාගම්වල සිමෙන්ති ද, ඈත එපිට ගම්බද ජ.වි.පෙ. සාමාජිකයා කපා පිරිපහදුකර නොමිලේම එවූ ලී කඳන් ද, තවත් බොහෝ දේ ද මේ මුලාස්ථානය බිහිවීමේ කතාව පිටුපස විය.

එසේ නිර්මාණය වූ මේ පැලවත්ත ගොඩනැඟිල්ල තුළ දැන් ඒ මුල් උපායමාර්ගික අරමුණ ඇත්තේම නැත. දැන් එය උතුරේ බෙදුම්වාදය සමඟ ඇත්තේ අනියම් සබඳතාවකය. කඳුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ද දැන් ඔවුන් හඳුන්වන්නේ “මලයගම්” ජනතාව කියාය. “මලයගම්” මලයනාඩු බවට පත්වීමට ගතවනු ඇත්තේ වැඩි කලක් නොවේය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීරනම්, තම “ජාතික ගැටලුවට අපේ විසඳුම” නැමති කෘතියේ අනාගතයේ ඇතිවන මේ මලයනාඩු අනතුර ගැන ද කියා දී තිබේ.

දැන් තිබෙන ජ.වි.පෙ. ට ඒවා අදාල වන්නේ නැත. ඒ නිසා “මලයගම්” අනන්‍යතාව වතුකරයට ලබාදෙන ජ.වි.පෙ. ඊළඟට කරන්නේ “මලයනාඩු” සටනකට මඟ හෙළි පෙහෙළි කර දීමය.

අපේ මාතෘකාව එයම නොවේ. මේ මූලස්ථාන ගොඩනැගිල්ල පිටුපස පවතින්නේ සෝමවංශ අමරසිංහගේ නායකත්වය දක්වා පැවැති එම උපායමාර්ගික ගමන් මගේ සාර්ථක බවය. එය පිටුපස වූ දේශප්‍රේමී ජන ප්‍රජාවගේ දායකත්වය ය. ඒ දායකත්වය මත බිහි වූ සමාජමය බලයේ මහිමය ය. එහෙත් දැන් මේ ගොඩනැගිල්ල කියාපාන්නේ, එයට අනන්‍ය එම බිහිවීමේ කතාවට සරිලන පැවැත්මක් ද?

ජනප්‍රිය පුවත්  බම්බු ගැසීම !

විජේවීර බිහිකල ජ.වි.පෙ. නිරාගමික ද? නිරාගමිකනම් “සමාජවාදී භික්‍ෂු සංගමයක්” පිහිටුවීමට විජේවීරගේ ජ.වි.පෙ. උනන්දුවූයේ කුමක් නිසා ද? භික්‍ෂුව සතු බෞද්ධාගමික පදනමත්, සමාජවාදය සඳහා වූ උවමනාවන් දෙක එකට ගැලපෙන්නේයැයි විජේවීර සිතූ නිසාද? සමාජවාදී කිතුනු පූජක සංගමයක් බිහි නොකරන ලද්දේ කුමක් නිසාද? විජේවීර ජාතික ප්‍රශ්නය ගැන ලියූ ඉහත දැක්වූ කෘතියේ “කතෝලික ගොරිල්ලා ව්‍යාපාරය” ලෙස හඳුන්වන්නේ සමස්ත කතෝලික පල්ලියේ ක්‍රියාකාරිත්වයම ප්‍රතිගාමී යැයි නිගමනය කොට ගෙන ද? හින්දු හෝ ඉස්ලාම් පූජක හෝ මවුලවි සංගම් නොමැති වූයේ ඇයි දැයි අප අමුතුවෙන් අසන්නේ නැත.

විජේවීර 1989 තෝරදෙනියලාගේ හමුදා අත් අඩංගුවට පත්වන විට සිය බිරිඳගෙන් කළ ඉල්ලීම් කිහිපයක් තිබේ. ඒවා පසුකලෙක චිත්‍රාංගනී විජේවීරද, උවිදු විජේවීරද මාධ්‍ය හමුවේ අණාවරණය කළහ. ‍ඒ අවසාන ඉල්ලීම් අතර වූ එක් වැදගත් ඉල්ලීමක් වූයේ “දරුවන්ගේ ආගම වෙනස් කරන්න එපා!” යන ඉල්ලීමය. ඇතැම් විට විජේවීර මේ ඉල්ලීම කරන්නට ඇත්තේ චිත්‍රාංගනී උපතින් කතෝලික ආගමට අයත් ගැහැණියක වීම නිසාය.

වීජේවීර තම දරුවන් බුදුදහම පිළිපදින තත්වයෙන් වෙනස් වීම ගැන බය වූයේ කුමන හේතුවක් මත ද? ඔහු එය එසේ කීවේ සෙසු ආගම් ගැන ඔහු තුළ වූ අගතිගාමී මතයක් මත ද? නොමැතිනම් බුදු දහම පිළිබඳව ඔහු තුළ වූ වඩාත් සාධනීය කියවාගැනීම එම ඉල්ලීම සඳහා ඔහුව පොළඹවනු ලැබුවා දා?

වත්මන් ජ.වි.පෙ. (සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් පසු ජ.වි.පෙ.) මේ කරුණු ගැන දක්වා ඇත්තේ නිශේධනාත්මක අවධානයක් බව පැහැදිලිය. මේ ජ.වි.පෙ. යටතේ “ජාතික භික්‍ෂු පෙරමුණ” තිබෙන බව ඇත්ත ය. එහෙත් ඒ “භික්‍ෂු පෙරමුණ” පාවිච්චි කරනුයේ, පෙරටුගාමී පක්‍ෂයේ භික්ෂු වෙස්ගත්, බෞද්ධ විරෝධී චරිත පාවිච්චි කරන අරමුණු වෙනුවෙන්ම ය. එසේ නොවේනම්, අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සෝමරතන හිමිට එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනාව අධිකරණය හමුවේ විභාග කොට තීරණය දෙන්නට පෙර, ජ.වි.පෙ. ජාතික භික්‍ෂු පෙරමුණ එම චෝදනාව පිළිගෙන මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට උනන්දු වන්නේ නැත. “බෝර්න් අගේන්” ප්‍රමිෂ්කලා, බෝර්න් අගේන් ක්‍රිෂාන්ත කුරේලා, බෝර්න් අගේන් ප්‍රීති පද්මන් සූරසේනලා ජනාධිපති අනුරව නටවන නැටවිල්ල මේ “ජාතික භික්‍ෂු පෙරමුණට” පෙනෙන්නේවත් නැත. කැලේ ගහක් නසන්නට කැලේ ගහක් යොදවා ගැනීමේ අර්ථයෙන් මිස ජ.වි.පෙ. ට දැන් ජාතික භික්‍ෂු පෙරමුණක අදාලත්වයක් නැති බව පැහැදිලිය.

අප මේ කියන කතාව හොඳින්ම පැහැදිලිවන්නේ මේ ඡායාරූපයෙන්ය. එමඟින් පමණක් නොව, මේ ලිපිය සමඟ ඵළ කර ඇති අනෙත් සමාජ මාධ්‍ය ගිණුම්වල උපුටාගැනීමේ දසුන් වෙතින්ය.

ජනප්‍රිය පුවත්  ත්‍රස්තයන්ගේ පුනරුදය

2025 දෙසැම්බර් 25 පැලවත්ත කාර්යාලය නත්තල වෙනුවෙන් සැරසුවේය. අපට අනුව නම් එහි ඇති වරදක් නැත. එලෙසින්ම, ජනාධිපති අනුර කුමාරගේ “ෆේස්බුක්” ගිණුමට අමතරව, JVP ශ්‍රී ලංකා නමින් වන ජ.වි.පෙ. ෆේස්බුක් ගිණුමේ ජ.වි.පෙ. නායක එම නත්තල වෙනුවෙන් තබන ලද සුබ පැතුම් පණිවුඩය ද එහි විය. එහි ද ඇති වරදක් නැත. එහෙත් එම පිටුවේ 2025 වෙසක් පෝය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කරන ලද සුභ පැතුම් පණිවුඩයක් නැත. ඒ වෙනුවට ඇත්තේ 2025 මැයි 04 ජනාධිපතිවරයා වියට්නාමයේ බායි ඩිං විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාව දැක්වෙන වාර්තාවක්ය. “JVP Sri Lanka” නැමැති ජනතා විමුක්ති පෙරමුණේ නිල “ෆේස්බුක්” පිටුවේ 2025 වෙසක් පෝය වෙනුවෙන් වූ ජනාධිපතිගේ සුභ පැතුම නැතත්, එම වසරේම නත්තල වෙනුවෙන් වූ සුබ පැතුම දක්නට ඇත. ඊට අමතරව දෙමළ හින්දු ජනතාවගේ තෛපෝංගල් උත්සවය වෙනුවෙන් වන සුබ පැතුම ද දෙමළ බසින් පමණක් එහි දක්නට ඇත. එහෙත් 2025 වෙසක් සුබ පැතුමක් එහි ඇත්තේ නැත. ඒ කුමක් නිසා ද? අන්‍යාගමිකනම්, එක ආගමකවත් විශේෂ දින සඳහා සුබපැතුම් අදාළ නොවේ. එහෙත් වෙසක් සුබ පැතුම පමණක් හැලී, අන්‍ය ආගමික සුබ පැතුම් පමණක් එහි ඵලකර ඇත්තේ කුමන “මාක්ස්වාදී” තියරියකට අනුවද?

ප්‍රශ්ණය එතැනින් නතර නොවේ. අප මෙහි ඵළ කර ඇති ප්‍රධාන ඡායාරූපයෙන් පෙනෙන්නේ පැලවත්තේ ජ.වි.පෙ. මූලස්ථානය, 2025 නත්තල වෙනුවෙන් සරසා තිබූ අන්දමය. අපට අනුව එය එසේ විය යුතුය. එහෙත්, 2026 මැයි 01 තිබූ වෙසක් උත්සව දිනය, මැයි 30 ට ගෙන ගිය ජ.වි.පෙ. ආණ්ඩුව, මැයි 30 සමරන ලද වෙසක් උත්සවය වෙනුවෙන් තම මූලස්ථානය වෙසක් සැරසිලි වෙතින් හැඩ ගැන්වූයේ නැත්තේ කුමන හේතුවක් නිසාද?

නත්තල OK නම්, වෙසක් OK නොවන්නේ කුමන හේතුවක් මත ද? කලවැල්ගල චන්දාලෝක හිමිට හෝ ජාතික භික්‍ෂු පෙරමුණේ හිමිවරුනට මේ පරස්පරවිරෝධී හැසිරීම අදාළ නොවේ ද? මාක්ස් කියා ඇත්තේ ආගම අබිං කියා නොව, බුද්ධාගම පමණක් අබිං කියා ද? එසේත් නොවේනම්, මේ ඇති වී ඇති පරස්පරවිරෝධී භාවිතය අප තේරුම් ගත යුත්තේ කුමක් කියාද?

නත්තලට ලස්සනට සරසන පැලවත්ත මූලස්ථානය වෙසක් පෝයට එලෙස සරසන්නට හිතක් පහල නොවෙන්නේ කුමන කාරණයක් හේතුකොටගෙන ද? නත්තල ජ.වි.පෙ. ට අදාළ වන විට, වෙසක් ජ.වි.පෙ. ට අදාළ නොවන්නේ කුමන අරුමැති හේතුවක් මත ද?

ජනප්‍රිය පුවත්  අනන්‍යතා අර්බුදය

යාපනයේ තිස්ස රජ මහා විහාරයට ආගමික කටයුතු සඳහා දකුණෙන් යන උදවිය යන්නේ වෛරය වපුරන්නටයැයි ජනාධිපති අනුරට හිතෙන්නේ නිකමට ද? කොළඹ වැල්ලවත්තට පැමිණ ජන සංහාරක දිනය සමරන්නේ සාමය වැපිරීමට විය යුතුය. දකුණෙන් කිතුනු ජනයා මන්නාරමේ මඩු පල්ලියට වාර්ෂිකව යන්නේ “වෛරය වපුරන්න” යැයි ජනාධිපති අනුර නොකියන්නේ කුමන හේතුවක් මත ද? ප්‍රශ්නය ඇත්තේ බෞද්ධයා සමග පමණක් බව මෙයින් නොකියවෙන්නේ ද? 76 වසරක ශාපය තුළ කවදාවත් වෙසක් පෝය දින විදුලිය විසන්ධි වූයේ නැත. සාමාන්‍යයෙන් නිවාඩු දිනයක වෙසක් පෝය යෙදුනහොත් 76 වසරක ශාපය තුළ වූ පාලකයන් කළේ වැඩ කරන දිනයක් ඒ වෙනුවෙන් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය. එහෙත් ප්‍රථම වරට, පුනරුද ජනාධිපති අනුර, 30 වැනි සෙනසුරාදා යෙදුණු “වෙසක් පෝය” වෙනුවෙන් විශේෂ නිවාඩු දිනයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කළේ කොහොමටත් නිවාඩු දිනයක් වන 31 වැනි ඉරිදා දිනයය. ඒවා එහෙම වෙන්නේ මේ පාලකයෝ බබ්බු නිසා ද? මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියන් සිටින්නේ මාක්ස්වාදී මදයෙන් මත්වී ද? කලවැල්ගල චන්දාලෝක හිමි ඇතුළු ජාතික භික්‍ෂු පෙරමුණේ භික්ෂූන් සිටින්නේ අන්ද මන්ද වී ද?

ඕනැ කෙනෙකුට අන්ද මන්ද විය හැකිය. වෙන්න යන දේ අපටනම් හොඳටෝම පැහැදිලිය. සමාජවාදය යනු එකම හැන්දෙන් කාටත් බෙදීමය. ජ.වි.පෙ. බුදු සසුනට පමණක් බෙදන්නේ පුංචි හැන්දකින්ය. එහෙත් ඒ එසේ නොබෙදා පවතින්නට බැරිම නිසාය. රාමසාන්වලට ද නත්තලට ද තෛපෝංගල්වලට ද බෙදෙන හැන්ද එලෙස පුංචි වී නැත.

මෙතන ඇත්තේ සිංහල බෞද්ධ විරෝධය ය. එය අසීරුවෙන් යටපත් කරගෙන සිටීමට උත්සහ දරතත් නොදැනුවත්වම ආණ්ඩුවේ පාර්ශව තුළින් එය දැන් හොඳටම එළියට විරජමාන වී ඇත. ජනාධිපතිගේ පස්ස සෝදන කක්කි සුදාලා, කැකිරාවේ සුදස්සනලා ගෙනැවිත් දළදා මාලිගාවේ හා අටමස්ථානයේ පාලනය ආණ්ඩුවට ගත යුතුයැයි මතය හදන්නේ ඒ හින්දාය. මේ මහා පින්තූරය වහාම හඳුනානොගතහොත්, බෞද්ධයාට පමණක් නොව මුළු රටටම අවසානයේ සිදුවන්නේ කෙලවීමය.

ආගම්වාදය ඇත්තේ ජ.වි.පෙ. තුලය. අද ජ.වි.පෙ. නත්තලට, රාමසාන් හෝ හජ්ජි උත්සවයට, තෛයිපෝංගල් උත්සවයට ලබාදෙන තත්වය වෙසක් උත්සවයට ලබා දෙන්නේ නැත. එහෙවු පාලනයකට, බුදුන් වහන්සේ තම ධර්මය රැකීමේ වගකීම පැවරූ මෙහෙවු රටක ඉරණම තීරණය කිරීමට බාරදී නිහඬව සිටිය හැකිද? ඒ ගැන තීරණය කළ යුත්තේ ඔවුනට ඡන්දය දුන් ඔබම ය.

 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x