දේවගැති සූරසේන වෙනුවෙන් ව්‍යවස්ථා, පනත් බර සංශෝධනයක් !
1 min read
දේවගැති ප්‍රීති පද්මන් සූරසේන මේ වසර අග දී විශ්‍රාම යාමට නියමිත බැවින්, ජනාධිපතිවරයාට රිසි පරිදි අධිකරණ තීන්දු ලබාගැනීම පිණිස ඔහුව තවත් වසර 2 ක කාලයක් අගවිනිසුරුධූරයේ තබාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් නොව, පනත් කෙටුම්පත් කිහිපයක සංශෝධන සිදුකිරීමට මේ වනවිට තීරණය කර තිබේ.
දේවගැති ප්‍රීති පද්මන් සූරසේන වෙනුවෙන් මෙම පියවර ගැනීම පිළිබඳව තීරණගැනීමට ජූලි 11 වැනි දා අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමක්, එහි විධායක සභාව පසුගිය දා තීරණය කරන ලදී. එහිදී රහස් ජන්දයක් ලබාගෙන, දේවගැති සූරසේන වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන සිදුකර ඔහුව අගවිනිසුරුධූරයේ තබාගැනීමට එරෙහිව යෝජනාවක් සම්මත කරගැනීමට ද එහි සාමාජිකත්වයේ සූදානමක් තිබේ. ඒ සඳහා රහස් ජන්දයක් ලබාගැනීමට ද ඔවුන් අදහස් කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ආණ්ඩුවේ මේ ප්‍රයත්නයට එරෙහිව මහජන රැස්වීමක්, ජූලි 04 පෙ.ව 10.45 සිට ප.ව. 12.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. ඒ කොළඹ පදනම් ආයතනයේ දී ය.
මේ තත්වය පිළිබඳව කලබලයට පත්ව ඇති ආණ්ඩුව දැන් අවධානය යොමු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරන්ගේ විශ්‍රාම දිගුකිරීමෙන් නොනැවතී, අධිකරණ සංවිධාන පනත සංශෝධනය හරහා පහල අධිකරණවල ද විශ්‍රාම වැටුප් පනත සංශෝධනය හරහා රජයේ සේවයේ ද විශ්‍රාම වයස අවුරුදු 2 කින් වැඩි කිරීමට ය.
එසේ වුවහොත් එක් පුද්ගලයකුට අගවිනිසුරුධුරයේ තබාගැනීම සාධාරණීකරණය කරගැනීම පිණිස සමස්ත අධිකරණ සේවාවේත්, රාජ්‍ය සේවායෙත් විශ්‍රාම යන වයස දීර්ග කරන ලද ලොව ඇති එකම ආණ්ඩුව වත්මන් ජ.වි.පෙ. පාලනය බවට පත්වනු ඇත.
මෙම පියවර ගැනීමෙන් දේවගැති සූරසේන තව වසර 2 ක් අගවිනිසුරුධුරයේ තබාගැනීමේ අරමුණ විරෝධතාවයකින් තොරව සිදුකරගත හැකිවෙතැයි ජනාධිපතිවරයා කල්පනා කරයි.
- ජයලත් ගුණසිංහ –
