October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ: කාලගුණයේ අධ්‍යක්ෂ ජනරාල්

1 min read

දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමේ තීරණය ගෙන ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව බව එම දෙපාර්තමතමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ පවසන බව ජාතික පුවත්පතක් අද (28) වාර්තා කර තිබෙනවා.

පවතින කාලගුණ තත්ත්වය අදාළව පාසල් පවත්වන්නේද නැද්ද යන සම්බන්ධව කිසිදු උපදෙසක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන නොමැති බවත්, ඊට අදාළව සාකච්ඡාවක් හෝ නොපැවැත්වූ බවත්, ඔහු සඳහන් කර තිබුණා.

දිවයිනේ සියලු පාසල් ඊයේ දිනයේ නොපැවැත්වීම එම දෙපාර්තමේන්තුවේ තීරණයක් නොවන බවයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඔර්නබ් සුළි කුණාටුව ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරන බැවින් දිවයිනට ඉන් ඇතිවන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි.

  • ජගත් ශ්‍රී පටබැඳී
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x