දින තුනක සටන් විරාමයක් සඳහා රුසියාව සහ යුක්රේනය එකඟ වෙයි .
1 min read
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේදී දින තුනක සටන් විරාමයක් පවතින බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. ඊයේ සිය Truth Social හි පෝස්ටුවක් පළ කරමින් එක්සත් ජනපද නායකයා පවසා ඇත්තේ එම සටන් විරාමය සෙනසුරාදා (අද) සිට සඳුදා දක්වා පවතින බවයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ වසර හතරකට වැඩි කාලයක් පැරණි යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපද උත්සාහයේ කොටසක් ලෙස දින තුනක සටන් විරාමයක් සංවිධානය කර ඇති බවයි.
රුසියානු ජනාධිපති සහායක යූරි උෂාකොව්ද එම පුවත තහවුරු කර ඇත . “එක්සත් ජනපද පරිපාලනය සමඟ අපගේ දුරකථන සම්බන්ධතා අතරතුර මෙම කාරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව” ඔහු සඳහන් කර ඇත
ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ට්රම්ප් අතර මෑතකදී පැවති දුරකථන සංවාදයකින් පසුව මෙම එකඟතාවයට පැමිණි බවත්, එහිදී ජනාධිපතිවරුන් දෙදෙනා “දෙවන ලෝක යුද්ධයේදී අපගේ රටවල් මිත්ර පාක්ෂිකයින් බව අවධාරණය කළ බවද ” ඔහු පැවසීය.
