July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි රිමාන්ඩ් කිරීමට නියෝගයක්

1 min read

ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රියේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

උන්වහන්සේ ලබන 12 වනදා අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන්ව තවදුරටත් අදාළ පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බැවින්, වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහල වෙත හෝ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කළා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x