June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තෝරදෙනියලාගේ තේරවිල්ල

1 min read

තේරවිලි යනුවෙන් හඳුන්වන්නේ, ලේසියෙන් තෝර ගන්නට බැරි දේ ගැන විමසා බලන දේවල් වලට ය. තේරවිලි වල අමාරුම තේරවිලි වන්නේ තුන් තේරවිලි ය. තුන් තේරවිල්ලක් තෝරා ගත හැක්කේනම්, ඒ පුද්ගලයා පට්ට වැඩ්ඩෙක් වේ.

ජ.වි.පෙ. වත්මන් නායකයෝ ද අපට දෙන්නේ තෝරන්නට නිකන් තේරවිලි නොවේ. ඔවුන් දෙන්නේ තුන් තේරවිලි ය. අප මේ කතා කරන තුන් තේරවිල්ලේ එක මුල්ලක ඉන්නේ වර්තමාන ජ.වි.පෙ. ය. අනිත් මුල්ලේ ඉන්නේ විජේවීරය. ඊළඟ මුල්ලේ ඉන්නේ තෝරදෙනිය ය.

තෝරදෙනිය යනු හමුදාවේ සිටිය ලොක්කෙකි. රෝහණ විජේවීරට වෙඩි තබා පණ යන්නත් කලින් බොරැල්ල කනත්තේ මෝචරියට දාන්නේ උන්දැ ය. විජේවීර අමුවෙන් බාබකියු කලේ තෝරදෙනියලා මිස අන් කවරකුවත් නොවේ.

එහෙවු තෝරදෙනිය සමග මේ ඡායාරූපයේ ඉන්නේ හඳුන්නෙත්ති ය. හඳුන්නෙත්තිගෙන් සංකේතවත් වන්නේ වත්මන් ජ.වි.පෙ. ය. තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයා මරා දැමූ තෝරදෙනියත් සමග මෙලෙස සිටින්නට හැක්කේ කවර වර්ගයේ ජෙප්පන්ට ද?

මේවා තෝරා ගන්නට බැරි තේරවිලි ය. තෝර තෝරා ඉන්න ගියොත් හද්දා අමාරුවේ වැටෙන තුන් තේරවිලි ය.

“ඉල් මහ විරු සමරුවේ” ටිල්වින් සිල්වා කතා කරන විට පිටුපසින් පෙනෙන්නේ “විරු මරුව” කියා ය. ඒ, තෝරදෙනියලත් එක්ක එකට ලැගගෙන විජේවීරලා සැමරීමට ගැළපෙන නියම පාඨය එය නිසා බව අපටනම් පැහැදිලි ය.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිගේ ජාතිවාදය!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x