September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තාර නැතුව මාර්ග සංවර්ධන ව්‍යාපෘති අතරමග

1 min read

තාර නොමැති වීම හේතුවෙන් මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති රැසක් නතර කිරීමට සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මුදල් කාරක සභාවට දැනුම් දී තිබේ.

මේ බව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පසුගිය දා පැවැති එම කාරක සභාවේ දීය.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ ඉකුත් පෙබරවාරි මස අවසානයේ සිට මෙම මාසය දක්වා කාලයේ දී ගෙන්වීමට හැකි වී ඇත්තේ එක් තාර නැවක් පමණක් බවත් එම නැව ද ගෙන්වා ගැනීමට හැකි වූයේ දින කිහිපයක් පැවැති යුද විරාමය අවස්ථාවේ දී යැයි ද නිලධාරීන් සඳහන් කර ඇත.

මෙරට කාලගුණය අනුව ගැළපෙන්නේ ඉරානයෙන් ගෙන්වන තාර පමණක් බවත් පවසා ඇති නිලධාරීන් මැදපෙරදිග දැනට පවතින තත්ත්වය මත තාර සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද පවසා තිබේ.

දිට්වා ආපදාවෙන් මාර්ග කොටස් 549කට හානි වී තිබෙන බවත් එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 64.3ක් වෙන් කර තිබෙන බවත් සඳහන් කර ඇති නිලධාරීන් තාර ගැටලුව මත එම සංවර්ධන කටයුතු නතර වන බව ද ප්‍රකාශ කර ඇත.

ජනප්‍රිය පුවත්  කුඹුරු අක්කර 8,000ක් විනාශයි..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x