“මාලිමා” නීතිඥයෝ සටනට බසිති !
1 min read
ජාතික ජන බලවේගය නියෝජනය කරනු ලබන ප්‍රධාන පෙලේ නීතිඥයන් රැසක් පසුගිය දා කොළඹ එක් නීතිඥයකුගේ නිවසට රැස්ව යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව කෙළවර වී ඇත්තේ, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගැනීමට අභ්‍යන්තරයෙන් අරගල කර, එය අසාර්ථක වුවහොත් විවෘතව ඊට එරෙහිව ක්‍රියා කිරීමටයි.
ජනාධිපති නීතිඥ හා ජාතික ජන බලවේගයේ නායකයකු ද වන ලාල් විජේනායක ගෙන තිබෙන ක්‍රියාමාර්ගය නිසා තමන් නීතිඥ ප්‍රජාව අතර බලවත් අසීරුතාවට පත්ව සිටින බවද මෙහිදී ඔවුන් අතර සාකච්ඡා වී ඇත.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙහිලා දරණ දරදඬු ආකල්පය ද මේ පිරිසගේ වේචනයට ලක්ව තිබේ.
දැනට “මාලිමාවෙන්” පාර්ලිමේන්තුව නියෝජනය කරන නීතිඥයන් කිහිපදෙනකු ද මේ අවස්ථාවට සහභාගි වී ඇත.
- සනත් මධුරප්පෙරුම
