June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ණය ගැනීම ප්‍රශ්නයක් නැහැ| කලින් ආණ්ඩු කරපු විදිට අපිත් ණය ගන්නවා – අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

1 min read

රට පවත්වාගෙන යෑමට ඕනෑම ආණ්ඩුවකට ණය ගැනීමට සිදුවන බවත් එසේ ණය ගැනිම ගැටළුවක් නොවන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, මාලිමා රජය පත්වීමට පෙර සිටම සිය පාලන කාලය තුළ ණය ගැනීමට සිදුවන බව ප්‍රකාශ කළ බවයි “ණය ගන්නවා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලයට එන්නත් ඉස්සෙල්ලා කිව්වේ අපි ආවහමත් ණය ගන්නවා කියලා” යනුවෙන්.

එමෙන්ම විපක්ෂයෙන් එල්ල කරන දේශපාලන පලිගැනීම් පිළිබඳ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔහු පවසා ඇත. ඒ පලිගැනීමේ අවශ්‍යතාවයක් රජයට තිබුණේ නම්, එය බලයට පත්වූ විගසම සිදු කරන බව සඳහන් කරමින්.

එමෙන්ම ඔහු අවධාරණය කළේ මේවන විට සිදුවෙමින් ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක සිට ක්‍රියාත්මක වන විධිමත් අධිකරණ ක්‍රියාවලියක් බවයි.

ඒ අනුව සුනිල් කුමාර මහතා ප්‍රකාශ කළේ යම්කිසි පුද්ගලයෙක් බන්ධනාගාරගත වන්නේ නම්, එය සිදුවන්නේ නිවැරදි අධිකරණ ක්‍රමවේදයක් හරහා මිසක් දේශපාලන පලිගැනීනක් නිසා නොවන බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x