July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චරිත් අබේසිංහ අත් අඩංගුවට !

1 min read

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක, රංගන ශිල්පී චරිත් අබේසිංහව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂම මගින් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහු හා හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ විසින් සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක්කටාගෙන් රු. ලක්ෂ 1200 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මතය.

නදුන් චින්තක හෙවත් හරක්කටා විසින් පොලීසියට ලබා දී ඇති ප්‍රකාශයක මේ බව සඳහන්ව ඇතැයි පැවසේ. ඒ අනුව විමර්ශණය කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂම තවදුරටත් ඒ පිළිබඳව කරුණු අණාවරණය කරගෙන තිබේ.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාතබාගෙන සිටින හරක්කටාව, CID නිලධාරින්ට අල්ලස් ලබා දී වෙනම බන්ධනාගාරයකට යොමු කර සාමාන්‍ය සිරකරුවකු ලෙස රඳවාගැනීම වෙනුවෙන් මෙම අල්ලස ලබාගෙන ඇතැයි අල්ලස් කොමිෂම පවසයි.

කෙසේ වෙතත් චරිත් අබේසිංහ පසුගිය කාලය තුළ ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරන ලද අයෙකි.

  • විදුර සිරිමාන්න –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x