April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගිනිගත්හේන ගිනිගනී!

1 min read

හැටන් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ පිහිටි ෆයිනස් වගා රක්ෂිතයක පසුගිය (26) දින රාත්‍රියේ හටගත් ගින්නක් මේ වන විට රක්ෂිතය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතියි.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම ගින්න (27) දින වන විට නෝර්ටන්බ්‍රිජ් – ගිනිගත්හේන මාර්ගයේ පිහිටි ජල සම්පාදන පිරිපහදු මධ්‍යස්ථානය දක්වාම ව්‍යාප්ත වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

එම ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණ තත්වය ප්‍රයෝජනයට ගනිමින් කිසියම් පිරිසක් විසින් සිදුකළ ගිනි තැබීමක් හේතුවෙන් මෙම විනාශය සිදුවන්නට ඇති බවට සැක කෙරේ.

මේ පිළිබඳව අප කළ විමසීමකදී හැටන් වන අඩවි නිළධාරි වි.ජේ. රුක්ෂාන් මහතා සඳහන් කළේ, පැතිර යන ගින්න මැඩපැවැත්වීම සඳහා තම කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x