June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කෝ මේ රංග?

1 min read

නන්දන ගුණතිලක පසුගිය දා හිරු නාලිකාවේ ‘‘බලය“ වැඩසටහනට එක් වී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එල්ල කළේ දරුණු ප්‍රහාරය කි. ඒ, රංග දිසානායක තමන් කැඳවන ලද ජ.වි.පෙ. නීති කමිටුවේ සාමාජිකයකුව සිටිය බව කීමය. එතැනින් නොනැවතී ඔහු කියා සිටියේ, හැකිනම් තමන්ව අධිකරණය හමුවට පමුණුවන ලෙස ය. එහෙත්, කිසිවකුට බය නැති දුෂණ විරෝධී රංග මේ කාරණය ගැන මෙලෝ රංගනයක නිරත වන බවක් පේන්නේ නැත. රංග ඇත්තටම පඳුර වටේ කැරකෙනවා මිස, නිසි එල්ලයට පහර නොදෙන බව හොඳින් පැහැදිලි ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් තණතුර දරන්නට රංග ට සුදුසුකම් නැත. ඒ පිළිබඳ නඩුවක් උසාවිය හමුවේ ඇති නිසා අප ඒ ගැන වෙන යමක් පවසන්නේ නැත. නන්දන කියන දේ ඇත්තනම් රංග ට අධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කිරිමට ද හැකියාවක් නැත. ඒ, විනිසුරුවරයකු එම ධුරයට පත්වීමට පෙර, තමන් අදාල ධුරයට පත්වීමට පෙර කාලයේ කිසියම් දේශපාලන පක්ෂයක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කළේ ද? නැද්ද? යන වග පැවසිය යුතු නිසා ය. රංග එවැන්නක් පවසා නැත! නන්දන කී දේ සත්‍යනම් ඒ අනුව රංගට නඩුකාරයකු ලෙස සිටීමට ද හැකියාවක් නැත!

ජනප්‍රිය පුවත්  මධුරෝ සහ හතුරෝ

නන්දන කීවේ ඇත්ත බව වැටහෙන්නේ රංග වටේ කැරකෙන කැරකිල්ල දෙස බැලූ විට ය. තමන්ගේ කිල්ලෝටයේ ඇති හුණු නොදකින රංග අනුනගේ කිල්ලෝටවල හුණු හාරන්නට යාම බඩ අල්ලාගෙන සිනහවන්නට කාරණයක් බව අප අමුතුවෙන් කිව යුතු නැත.

රංග!

ඔව් රංගනය දැන් ඔබ නිමා කළ යුතුය! ඔබ අසුන්ගෙන සිටන වැදගත් පුටුව අපවිත්‍ර නොකොට දැන් ඉතින් ඔබ නික්ම යා යුතුය! නොමැතිනම් සිදු වනු ඇත්තේ ඔබට ඔබගේ නඩුකාර වෘත්තීයට ද කොළවීම ය.! කැමති මඟක් තෝරා ගන්න රංග!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x