June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඒ ඇයි (A.I.) සජිත්

1 min read

උදය ගම්මන්පිල පොතක් එලිදැක්වූයේ පොතක් පෙරළන්නට යැයි සමහරු කියති. පොත ගම්මන්පිලගේ වූවාට අත රොහාන් ගුණරත්නගේ යැයි ද තවත් අය කියති. පොතේ නම ”පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” ය. ගම්මන්පිල කරුණු කාරණා සහිතව, මේ කෘතියෙන් කියන්නේ මහමොළකරු සහරාන්ම බවය. එහෙත්, මේ ප්‍රහාරයේ මහ මොළකරු ගෝඨභය හා රාජ්‍ය හමුදා බුද්ධි අංශ යැයි කියූ පිරිසක් ද වූහ. මීට පෙර දී ඒ මතය ප්‍රබලව දැරුවේ මුජිබර් රහුමාන්, අජිත් පී පෙරේරා, මරික්කාර් වැනි ස.ජ.බ. මන්ත්‍රීවරු ය. ස.ජ.බ. මන්ත්‍රීවරුන්ට එකල මේ ලයින් එක හදා දුන්නේ රංජන් රාමනායකගේ ගෙදර ”වදින්නම් සර්, මම වළං හෝදන්නන්” යැයි කියා පිංසෙන්ඩු වූ ෂර්ලොක් හොම්ස් ශානි අබේසේකරය. නමුත් ඒ කාලයේ වත්මන් ජනාධිපති අනුර කුමාර කියුවේ ඒ ගැන වෙනස් කතාවක් ය.! මෙවැනි ත්‍රස්තවාදයක් තනි පුද්ගලයකුගේ මනෝ විකාරයක් මත වුව සිදු කළ හැකි බව කීවේ එදා අනුරය.

අනුර එදා කියූ දේ මෙදා ඔප්පු කර පෙන්වන්නේ ගම්මන්පිල ය. එදා ස.ජ.බ. මන්ත්‍රීවරු කියූ දේ අද කියන්නේ ජනාධිපති අනුර ය. එදා ස.ජ.බ. කියූදේ අද කියන ජනාධිපති අනුර ඒ අනුව ඒ කියූ දේ සනාථ කරවන්නට හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව ද අත්අඩංගුවට ගන්නේය. ඊට පෙර පාස්කු ප්‍රහාරයට සැක පිට යැයි කියා අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත තබා ගෙන ප්‍රශ්න කළේ නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන්ව ය. එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනාධිපති අනුර පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ මහමොළකරු ඉක්මනින් හෙළි කරන බව ය. ශානි කියපු දේ විශ්වාස කර දුප්පත් ජනාධිපතිවරයා එහෙම කියන්නට ඇත. එහෙත්, වසරකට වැඩි කාලයක් රැදවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ පිල්ලෙයාන් අන්තිමට උසාවියට ගෙන එන්නේ, නැගෙනහිර සරසවියේ මහාචාර්යවරයකුගේ ඝාතනයකට සම්බන්ධ චෝදනාවන් මත ය. අන්තිමේදී වී ඇත්තේ පාස්කු චෝදනා කිසිවක් පිල්ලෙයාන්ට අදාළව නොපැවතීම ය.

ජනප්‍රිය පුවත්  කොම්රේඩ් අනුර.. සදා සැනසීම ඔබමය..!!

එදා විපක්ෂයේ මන්ත්‍රී අනුර කී කතාව අද කියන්නේ ගම්මන්පිල ය. එදා ස.ජ.බ. මන්ත්‍රීවරු කී කතාව අද කියන්නේ ජනාධිපති අනුරය. ජනාධිපති අනුර, එදා තමන් කී කතාව අතට ගෙන නැත්ත ඇත්ත කරන්නට හදන විට, විපක්ෂයේ සිටින ගොබ්බ මන්ත්‍රීලා කළ යුත්තේ ඒකට සහය දීම ද? විපක්ෂ මන්ත්‍රී අනුර එදා කී දේ කුමක් වුවත් ජනාධිපති අනුර අද ඉන්නේ එදා ඔහු නියෝජනය නොකළ මතයක් සනාථ කරන ක්‍රියාන්විතයක ය.

එදා අනුර සිටි ස්ථාවරය අද අනුරට නව ස්ථාවරයක් ගැනීමට බාධාවක් වී නැත. එහෙත් ස.ජ.බ. දේශපාලන සිගිත්තෝ සිතන්නේ ආණ්ඩුව ඒ ගැන අද දරන මතය තමන් ඒ ගැන මුල සිට දරන ලද මතය බැවින්, තමන් තවදුරටත් එම මතයේම සිටිය යුතු බවය. සිඟිති ස.ජ.බ. යෝ තේරුම්ගත යුත්තේ, එදා තමන්ට ඒ මතය දුන්නෙත් අද අනුරට ඒ මතය දෙන්නෙත් ශානි අබේසේකර බවය. ශානි එදා සිටියේ ස.ජ.බ. සමගය. ශානි අද ඉන්නේ අනුර සමග ය. ශානි ඉන්න තැනට එම මතය ගලායන බව පැහැදිලි ය.

ජනප්‍රිය පුවත්  ඩිල්කා සමන්මලී අභියෝගතා කුසලානය!

මතයේ නිර්මාතෘ අද ඉන්නේ ජනාධිපති අනුර සමගනම්, ජනාධිපති අනුරගේ පාලනය පරාජය කරන්නට කටයුතු කරන විපක්ෂයට අනුරගේ පාලනයට වාසිදායකවන ව්‍යාපෘතියකට අත් වැල් ගායනා ලබාදිය හැකිද? මේ ගොබ්බ සිඟති මන්ත්‍රීවරු ඉටු කරමින් සිටින්නේ ඒ අත්වැල් ගායනා ලබාදීම නොවේද? ඒ මරිමෝඩ අත් වැල් ගායනයට හවුල් වී අවසානයේ දී ඔවුන් තම නායකයා වූ සජිත් ප්‍රේමදාසව A.I. කළේ ය.

A.I. කියන්නේ කෘතිම බුද්ධියට ය. කෘතිම බුද්ධියට හදවත නැත! නොඑසේනම් හැඟීම් නැත.! දත්ත ඇත! චින්තන ශක්තිය නැත. ඒ නිසා එය කෘතිමය.! ඉංග්‍රීසියෙන් කිවහොත් ආටිෆිෂල් ය.! තමන්ගේම නායකයා ”ආටිෆිෂල් ” කියන්නේ කුමන ගෝලයන් ද? එවැනි ගෝලයන්ගේ නායකයා කුමන බූරුවෙක් ද? මෙහෙම වෙන්නේ ඇයි කියා A.I. සජිත්ටවත් තේරුම්කර දිය හැකිද?

රට ඇත්තේ ගිනි ගැනීමට ඔන්න මෙන්න තත්වයක ය. ප්‍රශ්නය වන්නේ මෙබදු A.I. විපක්ෂයකට කළ හැක්කේ කුමක් ද යන්න ය. අද අවශ්‍ය චින්තන ධාරිතාව සපිරුණු විපක්ෂයක් ය.! හදවත හොඳින් ක්‍රියත්මක විපක්ෂකයක් ය. බුද්ධිය, චින්තනය හා බැඳුණු විපක්ෂයක් ය.!

ආණ්ඩුවට නැත්තෙත් චින්තන ධාරිතාවම ය.! සජිත්ගේ ගොබ්බ විපක්ෂයට ඇත්තේ චින්තනය නැති කෘතිම බුද්ධිය ය.! වෙලා තියෙන අවුල හොඳටම පෙනුණේ ගම්මන්පිලගේ පොත හින්දා ය.! මහමොළකරු මොකා වුවත්, කෘතිම මොළකරු දැන් නිරාවරණය වී ඇත. කෘතිම මොළය ඇති එකා පන්නා ස්වභාවික මොළය ඇති වුන් අතට විපක්ෂය බාර ගැනීම නොකළහොත් රටට දෙයියන්ගේම පිහිටය ය!

ජනප්‍රිය පුවත්  හිල් ඇති "ජොකා" ලාගේ මූල්‍ය විනය !

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x