June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටස් වෙළඳපොළ චටස් පටස් වේ !

1 min read

කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය පුද්ගලයන් විසින් සිදු කර තිබූ රු. බිලියන 25 කට වැඩි ආයෝජන මේ වන විට ඉවත් කරගෙන තිබේ. රුපියල නොනවත්වාම අවප්‍රමාණය වීම විසින් භාහිරව පෙන්නුම් කරන ආර්ථික අස්ථාවරබව මෙම මුදල් ඉවත්කර ගැනීමට බල පා ඇති ප්‍රධානතම හේතුව බව පැවසේ.

පසුගිය අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ විදේශීය ආයෝජන හැසිරීම සහ දර්ශකයන්ගේ වෙනස්වීම් පිළිබඳ වාර්තාවක් මගින් මේ බව අණාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව පසුගිය අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 5.33 කි. එම මාසයේ ගනු දෙනු සිදු කරන ලද දින අතුරින් දින තුනකදී හැර අන් සෑම දිනක දීම විදේශීය ආයෝජන පිටතට ගලා යාම සිදුව තිබේ.

ඒ අනුව 2026 වසරේ මුල් මාස 4 අවසන් වන විට සමස්ත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලා යාම රුපියල් බිලියන 25.13 කි.

අප්‍රේල් මාසයේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,655 ක් ලෙස සටහන් වූ අතර, එය මාර්තු මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 4,706 ක පිරිවැටුම හා සැසඳීමේ දී 22% ක පසුබෑමකි.

ජනප්‍රිය පුවත්  ටිල්වින් හා විනිසුරුවන් අතර රහසිගත හමුවක් !

ඇම්බියොන් සිකියුරිටීස් සමාගම විසින් මෙම වාර්තාව නිකුත් කර තිබේ. මැයි මාසයේ තත්වය මීටත් වඩා බරපතල බව කොටස් හුවමාරුව හා සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ මතය වී තිබේ.

රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම මගින් පෙන්නුම්කර අවිනිශ්චිතබව මෙම තත්වය ඇතිවීමට බෙහෙවින් බලපා ඇතැයි පැවසේ.

  • චතුර වැල්ලවත්ත –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x