April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුමාර ඉවත් වෙනවට කුමාර විරුද්ධයි!

1 min read

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය තණතුරෙන් ඉල්ලා අස්වීමට ලිපිය සකස් කරගෙන අත්සන් තබා ජනාධිපතිවරයාට ඒ බව දැනුම් දීමෙන් පසු ජනාධිපති අනුර කුමාර ‘‘ඔබ එය නොකළ යුතුයි“ යනුවෙන් දන්වා තිබේ.

පක්ෂයෙන් එන ප්‍රශ්න මම බලාගන්නම්. ඔයා කළබල වෙන්න එපා!“ යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. මේ බව අනාවරණය වන්නේ, විදුලියබල ඇමැති ඔහුගේ මිතුරකු සමග පවැති කතා බහකදී ය.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට පෙර ඉල්ලා අස්වන ලෙස ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසක් කුමාර ජයකොඩි වෙතින් ඉල්ලා තිබේ. ඔහු එහිදී එයට එකඟත්වය ලබා දී තිබුණි. නමුත්, ජනාධිපතිවරයාගේ මෙම දැනුම්දීමෙන් පසු ඔහු නැවතත් සිය ඉල්ලා අස්වීම සිදු නොකරන බව ඔහුගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දේ.

බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු ජ.වි.පෙ. ඉහළ මට්ටමේ නායකයන් වැඩි පිරිසකගේ ඉල්ලීම වී ඇත්තේ කුමාර ජයකොඩි ඉල්ලා අස්විය යුතු බව ය.

දයානන්ද කුමාරපේලි

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x