May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රිකට් පාලක මණ්ඩලය ජෙරම් යටතට !

1 min read

ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට සිදුව ඇති හානිය මකා ගැනීම සදහා එක් පිළියමක් ලෙස, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතුය යන තීරණය ගෙන ඇත්තේ මීට මසකට පමණ පෙරදීය. එම තීරණය ගෙන ඇත්තේ “ප්‍රොපට්” ජෙරම් ප්‍රනාන්දු, ප්‍රමිෂ්කා පෙරේරා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අමාත්‍ය විජිත හේරත් හා අමාත්‍ය නලින්ද ජයතිස්ස යන අය සිදුකරන ලද සාකච්ඡාවකදීය.

කිසිවකුත් දැන නොසිටියද පසුගිය ජනාධිපතිවරණයේදී ජෙරම් ප්‍රනාන්දු හරහා එම ආගමික විශ්වාසය දරණවුන්ගේ ඡන්ද ලබාගැනීම ද ජ.වි.පෙ. කටයුතු කර තිබේ. ප්‍රමිෂ්කා පෙරේරා හරහා මෙම සම්බන්ධතාව ඇති වී තිබේ.

ජනාධිපති වීමෙන් පසුව මසකට දෙපාරක් ඉහත කී පිරිස මුණ ගැසීම සිරිතක් ලෙස සිදු කර තිබේ. මුලදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ වන නිවසකදී පිරිස හමුවී ඇත. නමුත් පසුව මෙ‍ම මුණ ගැසීම සිදු කරණුයේ “ප්‍රොපට්” ජෙරම්ගේ නිවසකදීය.

මෙම හමුවේදී ශම්මි සිල්වා ඉවත් කිරීම පිළිබදව සාකච්ඡා වී තිබේ. ස.ජ.බ. හිටපු පාර්#ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම යෝජනා වී ඇත්තේද එහිදීය. මෙම වෙනස සිදු කරවා ලැනීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන සිය බෝන් අ#ගේන්කරණයට ලක් කර ගැනීම “ප්‍රොපට්” ජෙරම්ගේ අරමුණ වී තිබේ.

ජනප්‍රිය පුවත්  පොලිස් රාජ්‍යයක්!

කෙසේ වෙතත්, ආණ්ඩුව පිළිබදව පවත්නා බිය මත ශම්මි සිල්වා ඇතුලු කණ්ඩායම පසුබැසීමට තීරණය කරන ලදී. ඒ අනුව ඔවුන් සියලු දෙනාම ඉල්ලා අස් වූ අතර තාවකාලිකව ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.

icc ය මේ පිළිබදව ගනු ලබන කුමන ස්ථාවරයක් ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. ශම්මි සිල්වා පාර්ශවය හිතන්නේ මාස කිහිපයක් ඇතුළත නිළවරණයක් පවත්වා නීත්‍යානුකූලව ක්‍රිකට් පරිපාලනය නැවත බාර නොගතහොත් icc ය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අරඹයා දැඩි පියවරක් ගැනීමට ඉඩ තිබෙන බවයි.

පසුගිය කාලය තුළ සිරස රූපවාහිනි නාලිකාව හරහා ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබද දරුණු විවේචන එල්ල කරන ලද්දේද මෙම සැලසුමේ කොටසක් ලෙසිණි.

අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනවද ජනාධිපතිවරයා විසින් තමන්ට අවශ්‍ය පරිදී හසුරුවාගත්තේ “ප්‍රොපට්” ජෙරම් හරහාය. මේ අනුව ශ්‍රී ලංකාවේ පාලනය මේ වන විට ජෙරමියානුකරණයට ලක්ව ඇතැයි තතු චත් පිරිස් විශ්වාස කරති.

එරාන් වික්‍රමරත්න යනු පාස්ටවරයෙකි. ශ්‍රී ලංකාවට “බෝර්#න් අගේන්” ආගමික දහරාව හදුන්වා දෙනු ලැබුවේද එරාන් වික්‍රමරත්නගේ පියාය. තමන් දිවැසිවරයෙකු (ප්‍රොපට්) ලෙස හදුන්වාගනු ලබන ජෙරම් ප්‍රනාන්දු ද ” බෝර්#න් අගේන් ” ආගමිකයකු බවට පත්වුයේ එරාන්ගේ පියාගේ බලපෑම අනුවය. මෙම ආගමික දහරාව නියෝජනය කරන පිරිස දැඩි මූලධර්මවාදීන් ලෙස සැලකේ.

ජනප්‍රිය පුවත්  ඉන්දියාවේ ණය නියම ඇන්දිල්ලක්!

මේ අතර, නව අතුරු පාලක කමිටුවට පත් කර ඇති සාමාජිකයන් අතර බොහෝමයක්, ” බෝර්#න් අගේන් ” ආගමික විශ්වාසය සහිත වූවන් බව පැවසේ. කුමාර් සංගක්කාර, ප්‍රකාෂ් ශාෆ්ටර්, අවන්ති රදැල්ල, චිතාල් ෆිලිප්ස් යනාදීන් ඒ අතර වේ.

– ගතීන්ද්‍ර ජයවර්ධන –

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x