ආරක්ෂක මණ්ඩලේ කචල්ලු !
1 min read
අද (29) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ආරක්ෂක මණ්ඩලයේදී ආරක්ෂක ලේකම්, එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින්, නීති දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය සොලිසිටර්ජෙනරාල් දිලීප පිරීස්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේජනයට ලක් කර තිබේ.
අධිකරණය හමුවට ගොස්, හමුදාපතිවරයාට සහ ආරක්ෂක හමුදාව විවෘතව විවේචනය කිරීම කිසිසේත් නොකළ යුත්තක් බවත්, එසේ කිරීමෙන් ආරක්ෂක හමුදා මානසිකව බිද වැටෙන බවත්, එය ආණ්ඩුවට අහිතකරව බලපාන බවත් ඔවුහු පෙන්වා දී තිබේ.
බාල ජනප්‍රියත්වය පතා මෙලෙස ක්‍රියාකිරීමෙන් සිදුවන හානිය අතිමහත් බවද ඔහු විසින් පෙන්වා දී ඇත. වක්‍ර අයුරින්, CID ප්‍රධානී ශානී අබේවික්‍රමගේ ක්‍රියාකලාපය පිළිබදවද මෙහිදී විධානයට භාජනය කර තිබේ. ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සවන්දීගෙන පමණක් සිටි බවද අපගේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
- රකිත වීරඹුගේ –
