June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කලවැල්ගල චන්දාලෝක හිමි ක්‍රිෂාන්ත කුරේට එරෙහිව සටනට බසී !

1 min read

ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයකුව කටයුතු කරන, “බෝර්න් අගේන්” ආගමික නිකායිකයකු වන නීතීඥ ක්‍රිෂාන්ත කුරේ සමගවන සබඳතා නතර කළ යුතුය යන මතය මත පිහිටා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය තුළ අරගලයක් මේ වන විට ඇරඹී තිබේ. එම අරගලයට නායකත්වය දෙනු ලබන්නේ, ජ.වි.පෙ. අප්‍රකට නායකයකු වන දේශපාලන මණ්ඩල සභික කලවැල්ගල චන්දාලෝක හිමිය.

චන්දාලෝක හිමිගේ මතය වි තිබෙන්නේ, ක්‍රිෂාන්ත කුරේ රනිල් වික්‍රමසිංහගේ සමීපතම සගයකු බවය. ක්‍රිෂාන්ත කුරේ හා රනිල් වික්‍රමසිංහ අතර මිත්‍රත්වය පලුදු වීමක් දැනගැනීමටත් නොමැති බව ය.

එවන් තත්වයක් තුළ ක්‍රිෂාන්ත කුරේ ජනාධිපතිවරයාට හේත්තු වී කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් බවත් එයට ඉඩදීම රනිල්ට ඉඩදීමක් බවත් චන්දාලෝක හිමි පෙන්වා දී තිබේ.

එම මතයට බිමල් රත්නායක ඇතුළු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභිකයන් රැසකගේ සහාය හිමි වී ඇතත්, ජනාධිපති අනුර චන්දාලෝක හිමිගේ මතය ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, මේ වන තුරුද එම ප්‍රශ්නය සමතයකට පත් වී නැතැයි ජ.වි.පෙ. ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

  • රවීන්ද්‍ර ගුණතිලක –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x