June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“සිරස” පිනවන්න බද්ද පද්දයි !

1 min read

ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවන් මගින් විකාශනය කිරීම සඳහා මෙරටට ආනයනය කරනු ලබන සිංහල හා දෙමළ භාෂාවන්ට හඬ කවන ලද විදෙස් ටෙලි නාට්‍ය අධෛර්යට පත් කිරීම වෙනුවෙන් ඒවාට බදු අයකර ගැනීම ආරම්භ කරන ලද්දේ 2006 වසරේ දී ය. අංක 11 දරණ මුදල් පණත අනුව එම බදු අයකර ගැනීම සිදු කරන ලදී. එකල මහත් ජනප්‍රියව පැවති කොරියානු, ඉන්දීය වැනි රටවල ටෙලි නාට්‍ය පැතිරීම මගින් දේශීය ටෙලි නිර්මාණ කලාව ඇදවැටී තිබූ තත්වය වෙනස් කිරීම එම බදු පැණවීමේ අරමුණ වුණි. පසුව මෙම නිර්මාණ සඳහා අය කරනු ලබන බදු වල අගය 2016 වසරේ දී වැඩි කර තිබේ.

මේ වන විට ජනාධිපති අනුර කුමාර මෙම බද්ද සම්පූර්ණයෙන් අහෝසි කිරීමට හෝ ඉතා අඩු අගයකට පහත හෙලීමට හෝ කටයුතු කරමින් සිටී. එම යෝජනාව එන්නේ ගුණාත්මක විදෙස් චිත්‍රපට සහ ටෙලි නාට්‍යය මෙරටට ගෙන්වීමේ අවශ්‍යතාවය ඉදිරියට දමා වුවත්, එහි ඇත්ත අරමුණ වී ඇත්තේ “සිරස” බලධාරින්ගේ ඉල්ලීම පරිදි මෙම උත්සාහය දරුණු ලබන බවයි.

ජනප්‍රිය පුවත්  ජර්මනියේ දී බිමල්ගේ ආරක්ෂාවට කොටි බුද්ධි අංශය!

මේ සඳහා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ අනුමැතිය ලබා ගැනීමට ද ආණ්ඩුව උත්සාහ දරමින් සිටි. එමඟින්, ඉන්දියානු කසි කබල් මාලා නාටක “සිරස” මගින් පෙන්වා මෙරට පොදු ජනතාව නිර්වින්දනය කිරීම මෙම බදු ඉවත් කිරීමේ හෝ අඩු අගයකට පහත හෙළීමේ උත්සාහයේ අරමුණ වී තිබේ.

කෙසේ වෙතත්, “සිරස” නාලිකාවට දෙන පගාවක් වශයෙන් මෙය සිදු කළහොත්, එමඟින් ශ්‍රී ලංකාවේ ශිල්පීන් භාවිතා කරමින් දැනට සිදු කෙරෙන ටෙලි නිර්මාණ කර්මාන්තය බරපතල ලෙස බිඳ වැටුණු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

  • ජාලිය කහඳගේ –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x