April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කඩුවෙලින් ඉඩම් අරන් සුපිරි නිවාස හදන්න ලාල්ට සල්ලි කොහෙන්ද? පොලීසියට පැමිණිල්ලක්!

1 min read

වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාට අයත් බව කියන කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සමාජ ක්‍රියාකාරී අභීත එදිරිසිංහ විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ, අනීතික ලෙස උපයාගත් දේපළ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා පොලීසිය හඳුන්වා දී ඇති ‘1818’ විශේෂ දුරකථන අංකය ඔස්සේය.

සිය youtube නාලිකාවේ පටිගත කිරීමක් ඔස්සේ දුරකථනය මගින් පොලීසිය නිකුත් කළ විශේෂ අංකය අමතා පැමිණිලිකරු පෙන්වා දුන්නේ කඩුවෙල, වැලිවිට පාරේ ප්‍ර්සේ මාවතේ පර්චස් 30ක ඉඩමක මෙම තට්ටු තුනක නිවස ඉදිකර ඇති බවයි.

එය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති වෙතින් ලබාගත් කප්පම් මුදලක් ආශ්‍රයෙන් ඉදිකරනු ලැබුවක් බවද ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාව මගින් කළ හෙළිදරව්වක් ඔස්සේ මෙම පැමිණිල්ල සිදු කොට ඇත.

චැනල් ෆෝ නාලිකාව මගින් කල හෙළිදරව්වක් මත සුරේෂ් සලේ අත් අඩංගුවට ගන්නේ නම්,

යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ හෙළි කළ තොරතුරු මත ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධව ද විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව අභීත එදිරිසිංහ වැඩි දුරටත් පෙන්වා දේ.

ජනප්‍රිය පුවත්  බිග් කුච්චන් 2ගෙ ෆේස්බුක් අවහිර කරයි!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x