June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උවිඳුලාගේ ලෝකය

1 min read

මේ ඉන්නේ උවිඳු කුරුකුලසූරිය ය. ඔහුට දකුණු පසින් ඉන්නේ අනුරුද්ද ලොකුහපුආරච්චි ය. ඊළඟට ඉන්නේ අනුර කුමාර දිසානායක ය. අනුර කුමාර දිසානායකගේ අනෙක් පසින් ඉන්නේ “හීරළුවකු” වූ දර්ශන නැමැති වූ ජ.වි.පෙ. එංගලන්ත නායකයා ය. මේ “සෙල්ෆිය” ගත් පුද්ගලයා ඉන්නේ ඡායාරූපයේ ඔබට අනුව දකුණුපස කෙළවරේ සුදු කමිසයක් සහිතව ය. ඔහු ගැන අප කතා කරන්නට බලාපොරොත්තුවන්නේ මෙයින් පසුව ය.

උවිඳු ජයවර්ධනපුර සරසවියේ ඉගෙනුම ලැබූ කාලයේ ජ.වි.පෙ. විරෝධියෙක් ය. ජ.වි.පෙ. ට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි “රස්තියාදුකාර” නායකත්වය සමඟ හැප්පෙන්නට හයිය තිබුනේ උවිඳුට ය. අනුරුද්ධ ලොකුහපුආරච්චි නම් පසුකාලීනව හිටියේ “රොයිටර්” ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ ඡායාරූප වාර්තාකරුවකු ලෙසය. දැන් ඔහු ඉන්නේ ජනාධිපති අනුර ගාවය.

උවිඳු එකලද තනිවම හෝ තමන් දරණ මතය අනුව සටන්කරන අයෙක් විය. විශ්ව විද්‍යාලය තුළ පැවති ජ.වි.පෙ. පාලනය යටතේ වූ ශිෂ්‍ය සංගමයේ අමානුෂික නවකවදයට එරෙහිව ඔහු තනිවම සටන් කළේය. එහි ප්‍රතිඵලය ලෙස ඔහු දරුණු පහරකෑමකට ද ලක්වූයේ දත් තිස් දෙකෙන් එකක් හෝ කිහිපයක් අහිමිකර ගනිමින්ය.

උවිඳුට, අප එකඟ වුවත් නැතත් ඔහු ආරක්ෂාකරන ප්‍රතිපත්ති ඇත. ඔහු විශ්ව විද්‍යාල සිසුවකුව සිටියදී මෙන්ම, ඉන් අනතුරුව ද ඔහු පිළිගනු ලබන ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කළේය.

ජනප්‍රිය පුවත්  සෙස්ස පස්සට!

එහෙත්, මෙහි සිටින අනුර කුමාරට එහෙම දිවිහිමියෙන් රකින ප්‍රතිපත්ති හෝ පුර්ෂාර්ථ කිසිවක් නොවීය. ඔහු හැමවිටම බැලුවේ බලය ලබාගතහැකි කෙටි මාවත විනා, නිවැරදි මාවත නොවේය.

එසේ වී නමුදු ඉතිහාසය විසින් එකිනෙකාට වෙනස් මිනිසුන් ඇතැම් අවස්ථාවල මුනගස්සවන්නේ ය. අනුර කුමාර හා උවිඳු මුණගැසුණේ ද එවැනි ඓතිහාසික තත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙසය. ජ.වි.පෙ. මාලිමාකරණයට ලක් වීම උවිඳු දුටුවේ ජ.වි.පෙ. දිය වී ගොස් මාලිමාව නැමැති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විසින් එම බල ආධිපත්‍යය නතු කර ගැනීමක් විලසය. එහෙත් දැන් උවිඳුට පමණක් නොව, උවිඳුට “කෝචොක්” කරන නිර්මාල් රංජිත් දේවසිරිටද පිළිගැනීමට සිදුව ඇත්තේ, “මාලිමාව” යනු නිකම්ම නිකන් සංකල්පයක් විනා භෞතික ඇත්තක් නොවන බවය.

ඊයේ පෙරේදා කාන්චනා අනුරාධි නමැති කුශලතා පූර්ණ හා භාවිතයෙන් ප්‍රවීණ ගායිකාව “මනමාල කතා” නම් වූ ගීතයක් ජනගත කළාය. ඒ ගීතය පතුලෙන් දිවෙන්නේ අතිශය යෞවුන් තරුණියට බැල්ම හෙලන “කළු කුමාරයා” පිළිබඳ අපගේ ජනශ්‍රැතියේ එන සංකල්පය ය. එබඳු සංකල්ප පැරණි මිනිසුන්ගේ සිත් තුළ නිර්මාණය වන්නේ ප්‍රශ්නයකට ලැබෙන පිළිතුරක් ලෙසය. නව යොවුන් තරුණියගේ ප්‍රශ්නයට හේතුව “කළු කුමාරයා” නම්, යාතුකර්මයක් සිදුකර ඌ එළවීම විසඳුමය. සැබැවින්ම, එය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් හෝ ප්‍රතිකර්මයක්ය.

ජනප්‍රිය පුවත්  තෝරදෙනියලාගේ තේරවිල්ල

උවිඳුලා නිර්මාල්ලා වැනි අයට ද වූයේ මේ අන්දමේම අලකලංචියක්ය. දේශපාලන වශයෙන් හිරිමල් ඔවුනට වැහී තිබුණු දිශ්ඨිය “කළු කුමාර දිශ්ඨිය” නැමැති ව්‍යාධිය නම්, එය දූරිභූත කිරීම පිණිස නැටිය යුතුව තිබුණේ “මාලිමා” තොවිලය ය. අනුර කුමාර කළේ, කළු කුමාර දිශ්ඨිය හෙවත් ජ.වි.පෙ. දිශ්ඨියට බිය වූ උවිඳුලා, නිර්මාල්ලා වැනි අයට හරිනි අමරසූරිය වැනි යකැදුරන් යොදවාගෙන “තොවිලයක්” නැටීමය. ඒ “තොවිලයට” අප කියන්නේ මාලිමාව කියාය.

ව්‍යාධියට ලක්ව සිටියවුන් සිතුවේ එකී තොවිලය නැටීමෙන් පසු, “කළු කුමාර දිශ්ඨිය” හෙවත් ජ.වි.පෙ. බලපෑමෙන් අත්මිදිය හැකිවනු ඇතැයි කියාය. එහෙත් “මාලිමා” තොවිලයට, ජ.වි.පෙ. නැමැති “කළු කුමාර දිශ්ඨිය” එසේ තුරන් කිරීමට හැකි වී නැත.

ජනාධිපති අනුර ද, ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ද, බිමල් රත්නායක ඇතුළු බොහෝ දෙනෙක් ද දැන් ඉන්නේ බලය රැකගැනීම වුදෙසා ඕනෑම කුල්ල කුජීත ක්‍රියාමාර්ගයක් ගත යුතුය යන ස්ථාවරයේ ය. ලාල් කාන්තලා “අපි මේක ගත්තේ ලේසියෙන් දීල යන්න නෙවේ” යැයි පාරම්බාන්නේ ඒ අනුවය. ජ.වි.පෙ. ආණ්ඩු බලය ගත්තේ මහජන ඡන්දයෙන්ය. දැන් ඔවුන් බලන්නේ මහජන බලය නැතිවන විට ආණ්ඩු බලය, අහිමිවන බව දැන ඊට පෙර “රාජ්‍ය බලය” නතු කර ගැනීමටය. ඒ වැඩේ කෙරෙන්නේ උවිඳුලාගේ දේශපාලනයේ ඇති පරමාදර්ශී සංකල්ප බල්ලට දමාය. “අධිකරණයේ ස්වාධීනත්වය”, “ප්‍රජාතන්ත්‍රවාදය”, “මානව අයිතිවාසිකම්” යනාදී නහුතයක් ලස්සන ලෝක කුඩුපට්ටම්කරමින් ය.

ජනප්‍රිය පුවත්  අනුර කුමරුවෝ වැසි දිය මත….

එවිට උවිඳුලා ඉකි ගසන්නේය. තව ටිකක් දුර ගිය විට හොටු පෙරාගනිමින් හඬන්නේය. අන්තිමේ දී වෙන්නේ මාලිමා ස්වරූපයෙන් බලය ගත් ඇත්ත “යක්ෂයා” දැකබලා ගැනීමට උවිඳුලාට හැකිවීමය. එමෙන්ම, එම යක්ෂයාගේම ගොදුරක් බවට ද අවශ්‍යනම් පත්වීමේ අවස්ථාව උවිඳුලා හමුවේ උදාවී ඇත.

සෙස්ස පස්සට ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x