November 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊශ්‍රායල මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වෙයි.. නෙතන්යාහුට ආසන 53ක් හිමි වෙද්දී අරාබි පක්ෂවලට වාර්තාගත ආසන 19ක්..

1 min read

ඊශ්‍රායලයේ පැවැති මහ මැතිවරණයේ නිල අවසන් ප්‍රතිඵල මධ්‍යම මැතිවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රතිඵලවලට අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53ක්.

ගාඩි අයිසෙන්කොට්ගේ (Gadi Eisenkot) නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානය ආසන 48ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, අරාබි දේශපාලන පක්ෂ එකතුව ඓතිහාසිකව වාර්තාගත ආසන 19ක් දිනා ගැනීමට සමත්ව ඇති බව සඳහන්.

ආසන 120කින් යුත් කෙනසෙට් (Knesset) පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 61ක බහුතරයක් අවශ්‍ය වන අතර, ප්‍රධාන පිලවල් දෙකටම එම බහුතරය ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉදිරි රජය පිහිටුවීමේදී අරාබි පක්ෂ තීරණාත්මක බලවේගයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x