October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. – පාඨලී චම්පික

1 min read

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්ලිමේන්තුවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ කාරක සභාවට අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

බාල ගල්අඟුරු ගෙන ඒම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මුලදී එය පිළිනොගත් නමුත්, දැන් අමාත්‍යාංශ වාර්තාවෙන්ම ඒ බව තහවුරු කර ඇති බව රණවක මහතා සඳහන් කළේය.

ඒ අනුව ගුණාත්මක භාවයෙන් අඩු ගල්අඟුරු විශාල ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවීම නිසා පමණක් රුපියල් බිලියන 7ක පමණ පාඩුවක් සිදුව තිබේ. එමෙන්ම අළු ඉවත් කිරීමේ ගැටලු නිසා රුපියල් මිලියන 80ක පමණ පාඩුවක් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 13ක් වැය වී ඇත.

ජනප්‍රිය පුවත්  හෙට දිනයේදී මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බවට නිවේදනයක්

මීට අමතරව, බලශක්ති උත්පාදනය අඩාල වීම හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට වෙනත් බාහිර ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා වැය වූ මුදල රුපියල් බිලියන 8,572ක් වන අතර, එම පාඩුව පමණක් රුපියල් බිලියන 15.7ක් වේ. තවද, ගල්අඟුරු නැව් පැමිණීම ප්‍රමාද වීම නිසා තවත් රුපියල් බිලියන 2.284ක පාඩුවක් වාර්තා වී ඇත.

මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 17,965ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 18ක් පමණ වන බවත්, ලංකා ඉතිහාසයේ ලියැවෙන බරපතළම හා අතිශය නින්දිත වංචාව ලෙස ඉතිහාසයට එක්වන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x