July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමති නලින්ද ඇමරිකාව දන ගස්වයි !

1 min read

පසුගිය ජූලි මස 4 වැනිදා පස්වරුවේ, කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් තානාපති කාර්යාල පරිශ්‍රය තුළ පැවති එරට ජාතික දිනය හෙවත් “ඇමරිකන් දිනය” සැමරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර නලින්ද ජයතිස්ස ය.

වෙනදා රාත්‍රී ආහාර ද සමඟින් පැවැත්වෙන මෙම උත්සවය මෙදින පැවැත් වී ඇත්තේ මත්පැන් හා වෙනත් බීම වර්ග පමණක් පැමිණ සිටින පිරිසට ලබාගත හැකි පරිදි ය. වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත ආදී ඇමතිවරුන්ට අමතරව, විපක්ෂයේ විශාල මන්ත්‍රිවරුන් පිරිසක් ද ඊට සහභාගි වී සිට ඇත.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම උත්සවයට පැමිණියේ කාන්තාවන් දෙදෙනකු සමඟ ය. ඉන් එක් තැනැත්තියක් වූයේ ඉමාෂි යනුවෙන් හඳුන්වන තරුණ කාන්තාවකි. ඇයව නලින්ද ජයතිස්සට සම්බන්ධකරවා ඇත්තේ “වෙබ් ගෝඩ් ෆාදර්” ලෙසින් තමාව හඳුන්වා ගන්නා රුවන් ෆර්ඩිනන්ඩස් ‍ය. ඇය සාමාන්‍යයෙන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සමඟම රැඳී සිටින්නියක් ලෙස ප්‍රකට ය. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන වයස අවුරුදු 50 ක් පමණ වන කාන්තාවක් අමාත්‍යවරයා සමඟ පැමිණ ඇත. ඇය සාරියකින් ගත සරසාගෙන සිටියා ය.

ජනප්‍රිය පුවත්  "සිරස" පිනවන්න බද්ද පද්දයි !

අදාළ පරිශ්‍රයට ඇතුල්වීමේදී එහි සිටි ආරක්ෂකයන් පවසා ඇත්තේ උත්සවයට සහභාගිවීම සඳහා අවසර අමාත්‍යවරයාට පමණක් බැවින්, ඔහු සමඟ පැමිණි කාන්තාවන් දෙදෙනාට ඇතුල්වීමට අවසර නොමැති බවය. මෙයින් කෝපයට පත් අමාත්‍ය ජයතිස්ස රළු අයුරින් පවසා ඇත්තේ, ඒ දෙදෙනාට යන්න අවසර නැත්නම් තමන් ද උත්සවයට සහභාගි නොවන බවය.

එහිදී මහත් අසීරුතාවට පත් වූ ආරක්ෂක අංශ නිලධාරින්, සිය ඇමරිකන් ජාතික ප්‍රධානියාට තත්ත්වය වාර්තාකර උපදෙස් ඉල්ලා තිබේ. එහිදී අවසානයේ අදාළ කාන්තාවන් දෙදෙනා සතු ජංගම දුරකථන ආදිය ආරක්ෂක කුටිය තුල තබා, ඒ දෙදෙනා සමග තම ආරක්ෂක නිලධාරිණියක් ද ලග රැඳීසිටීමේ කොන්දේසියට යටත් කර ඒ දෙදෙනාව පරිශ්‍රය තුළට ගෙන තිබේ.

කෙසේ හෝ ඒ අන්දමින් ඇමරිකන් අධිරාජ්‍යවාදය පැරද වූ ජ.වි.පෙ. අමාත්‍ය නලින්ද ජයතිස්ස ලලනාවන් දෙදෙනකු සමග ඉමහත් අභිමානයෙන් යුතුව “ඇමරිකන් දිනය” ට සහභාගි වී තිබේ.

මෑත කාලයේ දී ඇමරිකාව දනගැස් වූ ප්‍රථම අවස්ථාව මෙය බව එහි සිටි බොහෝ දෙනෙකුගේ මතය වී තිබිණි.

  • රුක්මාල් සමරවීර –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x