July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආරක්ෂක අමාත්‍යාංශයේදී කොළඹ කසළ ගැටලුව ගැන කතා කරයි

1 min read

ඩෙංගු රෝග ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් මෙම අර්බුදය ජයගැනීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාව උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ කසළ ගැටලුව සහ ‌ඩෙංගු අවදානම මැඩලීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

දැනට පවතින කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙසත්, සම්පත් පරිහරණය උපරිම කාර්යක්ෂමතාවයකින් සිදු කරන ලෙසත් එහිදී ලේකම්වරයා උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම, දිගුකාලීන මෙහෙයුම් සාර්ථකත්වය සහතික කරමින්, පීඩාවට පත් කලාපවල දැනට ගොඩගැසී ඇති අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසට ද ඔහු උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම පවතින අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝගයන්ට සාර්ථක මුහුණදීම සඳහා සියලු රාජ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් යුත්, කඩිනම් සහ තිරසාර ප්‍රවේශයක ඇති දැඩි අවශ්‍යතාව පෙන්වාදුන්නේය.

වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ පාරිසරික වශයෙන් වැදගත් නගරයක් නිර්මාණය කිරීම උදෙසා සියලුම අදාළ පාර්ශ්වකරුවන් සහියෝගීතාවයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  ඉන්දු - පකිස්ථාන් තරඟය බලන්න ජනපතිත් එයි!

දැනට පවතින කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරන ලෙසත්, සම්පත් පරිහරණය උපරිම කාර්යක්ෂමතාවකින් සිදු කරන ලෙසත් බලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්ය.

මෙම සාකච්ඡාවේදී වත්මන් අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණු අතර, ගැටලුවලට ස්ථිර හා තිරසාර විසඳුමක් ලබාදීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර සහ දිගුකාලීන උපාය මාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x