June 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආර්ථිකය කඩාවැටේමේ අද්දර ! ආණ්ඩුව නොදන්න අවදානම මෙන්ම !

1 min read

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන ආකාරය තව නොබෝදිනකින් දැකගත හැකි වනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා එම පක්ෂයේ ප්‍රධානින් හා පැවති රැස්වීමකදී ප්‍රකාශ කර ඇත. ඒ, කොළඹ මල් පාරේ පැවැති එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී ය.

මෙම මතය පිළිබඳව කරුණු සොයාබැලීමේදී පැහැදිලිවන්නේ හිටපු ජනාධිපතිවරයාගේ අනතුරු ඇඟවීම, ආර්ථිකය තුළ දක්නට තිබෙන බවයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ජුනි 10 වැනිදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් දැනුම්වත්කරමින් ප්‍රකාශ කළේ 2026 වසරේ මුල් මාස 6 තුළ (ජනවාරි 01 සිට ජුනි 09 දක්වා) පමණක් රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 8% කින් අවප්‍රමාණය වී තිබෙන බවයි. ඒ අනුව ආසියානු කලාපයේ වැඩිම දේශීය මුදල් ඒකකය අවප්‍රමාණය වීම දක්නට ඇත්තේ ලංකාව තුළය. මහබැංකු අධිපතිවරයා එම මන්ත්‍රිවරු හමුවේදී ප්‍රකාශ කළේ රුපියල අවප්‍රමාණය වීමට බලපාන අභ්‍යන්තර තීරණගන්නේ ආණ්ඩුව විසින් බවයිි. එහිදී ඔහු අදහස් කලේ ඉන්ධන සහ වාහන ඇතුළු ආනයන වියදම් ඉහළයාමත්, සංචාරක කර්මාන්තයෙන් අපේක්ෂිත විදේශ විනිමය ප්‍රමාණය නොලැබීමත් පිළිබඳ වගකීම දැරිය යුත්තේ ආණ්ඩුව බවය.

ඉන්දියානු රුපියල ද මෙම කාලය තුළ 6.2% කින් අවප්‍රමාණය වී ඇතත්, ඉන්දියානු ආණ්ඩුව ගනු ලැබූ විශේෂ තීරණ මත එම ප්‍රවණතාව මැඩ පවත්වාගැනීමට මේ වන විට හැකිව තිබේ. විදේශයන්හි වෙසෙන ඉන්දියානුවන් ඉලක්කකරමින් එරට මහබැංකුව නව සහනදායී ක්‍රමවේදයක් අනුගමනයකිරීම සමඟ, ඉදිරි කාලයේ දී රට තුළට දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් ගලා එනු ඇතැයි යන විශ්වාසය මත ඉන්දියානු මූල්‍ය වෙළඳපොලේ පොලී පිරිවැය මේ වන විට සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එරට දේශීය සමාගම් ඩොලර් බිලියන 3 කට වඩා අධික ණය අරමුදල් රැස් කිරීමේ මහා පරිමාණ මෙහෙයුමක මේ වන විට නිරතව සිටිති.

ජනප්‍රිය පුවත්  ''සුදා'' නිහඬ වේ!

මෙම මූල්‍ය ක්‍රියාවලියේ මූලික පියවර තබමින් ඉන්දීය මහබැංකුව විසින් විදේශගත ඉන්දියානුවන්ගේ FCNR (B) ස්ථාවර තැන්පතු සඳහා පවතින සම්පූර්ණ මුදල් ආවරණ පිරිවැය (Hedging Cost) තමන් විසින්ම දැරීමට තීරණය කොට තිබේ. මේ නිසා අතිරේකව 2% කින් තැන්පතුකරුවන් සඳහා ඉහළ පොලී අනුපාතයක් ලබාදීමට එරට සියළු රාජ්‍ය හා වාණිජ බැංකුවලට අවස්ථාව ලැබී තිබේ. ඊට අමතරව, එම තැන්පතු ඇපයට තබා 7 සිට 10 ගුණය දක්වා වූ අතිරේක මුදලක් ණයට ගෙන ඉන්දියාව තුලම ආයෝජනය කිරීමට “උත්තේලන” (Leverage) පහසුකම් ලබා දී තිබේ. ඒ මගින් විදේශගත ඉන්දියානුවන්ට වසරකට සියයට 17 සිට 27 දක්වා වූ ඉහළ වාර්ෂික ප්‍රතිලාභයක් උපයාගැනීමට මග පෑදී තිබේ. මේ තීරණය නිසාම ඩොලර් බිලියන 40 ත් 45 ත් අතර ප්‍රමාණයක් රට තුළට කෙටි කලක් තුළදී ගලා එනු ඇතැයි එස්.බී.අයි. බැංකුව පමණක් තක්සේරු කර තිබේ.

ඉන්දීය මහ බැංකුවේ මෙම දූරදර්ශී පියවර නිසා වෙළඳපොළ ද්‍රවශීලතාවය ඉහල ගොස් තිබේ. එමගින් ඉන්දීය රුපියලට එල්ල වූ පීඩනය තුරන් වී එය නැවතත් ශක්තිමත් වීමේ ප්‍රවණතාවට ලක්ව ඇත.

ජනප්‍රිය පුවත්  C.I.D ය විමල් සොයයි

මීට සාපේක්ෂව මෙරට මහබැංකුව හෝ මුදල් අමාත්‍යාංශය, මෙම පීඩනය යහපත් අතට වෙනස් කිරීමට තුඩු දෙන විදේශ විනිමය ගලා ඒම උත්තේජනයට ලක්කරන කිසිදු පියවරක් නොගෙන ඇත. මේ නිසා ඉදිරියේදී තවදුරටත් රුපියල වේගයෙන් අවප්‍රමාණය වනු ඇති බව මූල්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

මේ අතරින් රජයේ සුරකුම්පත් සහ කොළඹ කොටස් වෙළඳපොල හරහා විදේශීය ආයෝජන පිටතට ගලා යාමද වේගවත් වී තිබේ. ස.ජ.ඹ. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ “සර්ව ආර්ථික ස්ථායිතාවයක් මතුපිටින් පෙනුන ද රට යළිත් අවදානම් මාවතකට පිවිසෙමින් ඇති” බවයි.

මෙරට විදේශ විනිමය සංචිතය ඇ.ඩො.බි. 7 කට ආසන්නයැයි පැවසුවද එම ප්‍රමාණයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් භාවිතයට ගත නොහැකි චීන යුවාන් අරමුදල් වන බවයි. එබැවින් ද්‍රවශීලතා අර්බුදයක් නැවත ඇතිවීමත්, දෙවන වතාවටත් රට බංකොලොත්වීමත් සිදුවීමේ අවධානම ඉහළ බව මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ තම විදේශ විනිමය ඉපැයීම් අනිවාර්යෙන්ම රුපියල් බවට පත් කිරීමට අපනයනකරුවන්ට මෑතක දී පනවන ලද නීති ද මෙම තත්වය උග්‍ර කිරීමට හේතුවනු ඇති බවයි. කුමන නීති දැම්මද පවත්නා විදේශ විනිමය පනතට අනුව, රජය පනවන කාලය තුළ තමන් උපයන ලද විදේශ විනිමය අපනයනකරුවන් විසින් මෙරටට නොගෙනාවොත්, ඒ පිළිබඳව ගතහැකි කිසිදු පියවරක් ඇත්තේ නැත. මේ නිසා මහබැංකුව පනවනු ලබන මෙම නීති ඔවුන් එතරම් සැලකිල්ලට ගන්නේ නැතැයි, අපනයනකරුවන්ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  විදුලිය කපයි!

මෙබඳු ආකාරයට ප්‍රතිවිරෝධයකින් තොරව සහ ඇතැම් ආණ්ඩුවේ තීරණ මගින් උත්තේජනය ලබන තියුණු අර්බුදයක් කරා මෙරට ආර්ථිකය වේගයෙන් ඇදී යමින් තිබේ. මෙම වසරේ අග වන විට එය උච්චතම තත්වයට පත්වනු ඇතැයි ආර්ථිකවේදීන්ගේ මතය වී ඇත.

– තිවංක පල්ලියගුරුගේ –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x