June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආයුධ ගත් පිරිසකට රට භාර දීම සිස්ටම් චේන්ජ් එකේ ආරම්භයයි!

1 min read

අරගලය අවස්ථාවේ ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක සිදුනොවුණ ද විශාල වෙනසක් සිදුව ඇති බව ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්දිරන් පවසයි.

පාර්ලිමේන්තුවේ ආසන 3ක් පමණක් හිමිව තිබූ ජාතික ජන බලවේගයට ආසන 159ක් ජනතාව ලබා දීම විශාල වෙනසක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

දෙවරක් ආයුධ සන්නද්ධ අරගල ඔස්සේ රටේ බලය ඇල්ලීමට සූදානම් වූ පිරිසකට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ඔස්සේ බලය ලැබීම ද එක අතකින් සිස්ටම් චේන්ජ් එකක ආරම්භය බව සුමන්දිරන් සඳහන් කරයි.

සිරස නාලිකාවේ ඉලක්කය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x