April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව සූර්ය බල ව්‍යාපෘති මරා දමලා

1 min read

2010 වසරේ සිට මේ රටේ නිවාස වහළ මත සෝලා විදුලි බලාගාර ආරම්භ කළ බවත් ඒ සඳහා වියදම් දරා ඇත්තේ ජනතාව බවත් හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එමගින් ගි.වො. පැය 11.3ක් විදුලි නිෂ්පාදනය කර ඇති බවද එය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුව තිබූ බවද ඔහු ප්‍රකාශ කරයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව නිවාස මත සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය මරාදැමූ බවට හිටපු ඇමතිවරයා චෝදනා කරයි.

සූර්ය විදුලි ඒකකයක් සඳහා ලබාදුන් මිල අඩුකර ඒ කර්මාන්තයේ සිටි ආයෝජකයන් 300කට සහ සේවකයන් දහස් ගණනකට ආණ්ඩුව යන්න එන්න මං නැති කොට රට හුදකලාවකට ගෙන යන බවද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහනට එකතු වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x