April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුරගේ කතාවෙන් ඇමරිකාව ගිනි ගනී! තානාපති කැඳවා ප්‍රශ්න කරයි!

1 min read

ජනපතිගේ ප්‍රකාශයෙන් රාජ්‍යතාන්ත්‍රික පැටලැවිල්ලක් – ඉරානය සහ ඇමරිකාවෙන් පරස්පර විරෝධී ප්‍රකාශ, තානාපති කැඳවයි.

ඉරාන නෞකාවක් සහ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්, මේ වන විට ශ්‍රී ලංකාව බරපතළ රාජ්‍යතාන්ත්‍රික පැටලැවිල්ලක මැදි කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පරස්පර විරෝධී ප්‍රතිචාර ඉරානයෙන් සහ ඇමරිකාවෙන් එල්ල වීමත් සමග, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්ථාවරභාවය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුව ඇත.

ඇමරිකාවේ ප්‍රතිචාරය – තානාපති කැඳවීම සහ ඉල්ලීම ඉවත් කර නොගැනීම

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, “ඉරාන නෞකාව ලංකාවට එන්න අහන කොට ඇමරිකාවේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තලට ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබුණා. නමුත් ඉරාන හා ඇමරිකා ඉල්ලීම් ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා,” යනුවෙනි.

මෙම ප්‍රකාශයෙන් පසු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක වී, එරට සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ කැඳවා ඒ පිළිබඳව කරුණු විමසා පණිවුඩයක්ද ලබා දී තිබෙනවා. තත්ත්වය තවත් සංකීර්ණ කරමින්, ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කර ඇත්තේ, ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා කළ ඉල්ලීම තවමත් ඉවත් කරගෙන නොමැති බවයි. මෙය, ජනාධිපතිවරයාගේ “ප්‍රතික්ෂේප කළා” යන ප්‍රකාශයට සෘජුවම පටහැනි වෙනවා.

ජනප්‍රිය පුවත්  රෝගී ජීවිත බිල්ලට! ජයතිස්සට එරෙහිව නඩු පිට නඩු!

ඉරාන තානාපතිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව: “ආරාධනාවකට ආවේ, හිටියේ සංගීතඥයෝ”

තත්ත්වය තවත් උණුසුම් කරමින්, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා පසුගිය සඳුදා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සත්‍යතාව අභියෝගයට ලක් කළා.

“ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිල ආරාධනාවකට අනුව තමයි නෞකාව මෙරටට පැමිණියේ. එහි සිටියේ නිරායුද සංගීතඥයින් පිරිසක්. හමුදා මෙහෙයුම්වලට පැමිණි බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා,” යැයි තානාපතිවරයා පැවසීය.

මෙම ප්‍රකාශයත් සමග, ශ්‍රී ලංකා රජය ඉරානයට ආරාධනා කර පසුව එය ප්‍රතික්ෂේප කළේද, නැතහොත් ජනාධිපතිවරයා නොමග යවා තිබේද යන්න පිළිබඳව දැඩි කුකුසක් මතුව තිබේ. තානාපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ඔහුට දුරකථන ඇමතුම් ලබාදෙමින් කරුණු විමසා තිබීමද විශේෂත්වයකි.

දේශීය දේශපාලනයටත් රිංගූ අර්බුදය

මෙම රාජ්‍යතාන්ත්‍රික අර්බුදය දේශීය දේශපාලනයටද මේ වන විට කාන්දු වී ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඉරාන තානාපතිවරයා හමුවී මෙම කරුණු සාකච්ඡා කර තිබේ. එහිදී, ඉරානය ලංකාවට ඉන්ධන සැපයීමට කැමැත්ත පළ කර තිබුණද, ආණ්ඩුවෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

ජනප්‍රිය පුවත්  සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇමෙරිකාවට!

එකිනෙකට පරස්පර ප්‍රකාශ, කැඳවීම් සහ හෙළිදරව් කිරීම් මධ්‍යයේ, ශ්‍රී ලංකාව බලවතුන් දෙදෙනෙකු අතර නිරායාසයෙන්ම පැටලී ඇති බවක් පෙනෙන්නට තිබේ. රජය විසින් රටට හෙළි කළ යුතුව ඇත්තේ, ඉරාන නෞකාවේ සහ ඇමරිකානු ගුවන් යානාවල සැබෑ කතාව කුමක්ද යන්නයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x