June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්ජුනා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්!

1 min read

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අද (23) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කරමින් අදාළ නඩුව විභාග වෙයි.

ඊට අදාළව ඇප මත මුදා හැර ඇති මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණ හමුවේ පෙනී නොසිටි නිසා මෙම වරෙන්තු නිකුත් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x