June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර රු. 403ට විකුණන්නේ රු. 281ට විකුණන්න පුළුවන් ඩීසල්… මහින්ද ගෝඨා කවදාවත් මෙහෙම කළේ නෑ…! – පාඨලී…

1 min read

පවත්නා ඉන්ධන සහනාධාර ක්‍රමය එළඹෙන ජුනි මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඉදිරි කාලයේදී මෙරට තෙල් මිල නැවත වරක් ඉහළ යනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය උදාවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව බවයි.

කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සහනාධාරය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල් බිලියන 57ක මුදලක් වෙන්කර තිබූ බවයි.

දේශපාලන පක්ෂවල විවේචන සහ මිල ගණන් සැසඳීම් පිළිබඳවද ඔහු මෙහිදී අදහස් දැක්වීය. තමා අමාත්‍යවරයාව සිටි සමයේ ඩීසල් මිල තීරණය කිරීම සඳහා ‘සිංගප්පූරු ප්ලැට්ස්’ දර්ශකය පදනම් කරගත් බව සිහිපත් කළ ඒ මහතා, එකල ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් අන්තර්ජාලය ඔස්සේ සිංගප්පූරුවේ සාමාන්‍ය ඩීසල් මිල පමණක් සොයා බලමින් තමා අසත්‍ය පවසන බවට චෝදනා කළ අයුරුද මතක් කර දුන්නේය.

වත්මන් වෙළෙඳපොළ තත්ත්වය අනුව අදාළ දර්ශකය පහළ යමින් පැවතියද, මෙරට ඩීසල් මිල රුපියල් 281ක් විය යුතු පසුබිමක අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ එය රුපියල් 403ක් දක්වා ඉහළ මට්ටමක පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව වත්මන් මිල ඉහළ යාමට හේතුව ලෝක වෙළෙඳපොළේ අර්බුදයක් නොවන බව ඔහුගේ අදහසයි.

ජනප්‍රිය පුවත්  මැරෙන්න එපා! වඳින්නම්!

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ යුක්‍රේන යුද්ධය ඇවිළී ගිය මොහොතේ බ්‍රෙන්ට් කෲඩ් ඔයිල් බැරලයක මිල ඩොලර් 139ක් දක්වා ඉහළ ගියත් දේශීය වෙළෙඳපොළේ තෙල් මිල වැඩි කළේ නැහැ. හැබැයි අද බැරලයක මිල ඩොලර් 93ක් වැනි අඩු මට්ටමක තියෙද්දිත් මිල ඉහළ දමනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ යුද සමයේදී පවා රට තුළ මෙවැනි ඉන්ධන හිඟයක් ඇති වුණේ නැහැ. අද වන විට ඩීසල්, පෙට්‍රල් වගේම ගල්අඟුරු සම්බන්ධයෙන් පවා අර්බුද නිර්මාණය වී තිබෙන්නේ කිසියම් ජාවාරමක ප්‍රතිඵලයක් නිසයි.”

වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පාලන සූදානම දැඩි ලෙස විවේචනය කළ රණවක මහතා, රාජ්‍ය පරිපාලනය මෙහෙයවීම සඳහා අවශ්‍ය බුද්ධිමය පරිණතභාවයක් පාලකයින්ට නොමැති බවත්, ඔවුන් සතුව ඇත්තේ උද්ධච්චකමක් පමණක් බවත් පැවසීය.

සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ ප්‍රතිචාර (Comments) පළ කරමින් සහ සාවද්‍ය මත ප්‍රචාරය කරමින් තමන් සාර්ථක බව පෙන්වීමට රජය උත්සාහ කළද, එම සර්වප්‍රකාර ප්‍රතිරූපය දැන් බිඳ වැටෙමින් පවතින බව විදේශ අමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයේදී දැකගත හැකි වූ හිස් අසුන්වලින් මනාව සනාථ වන බවද ඔහු කීය.

ජනප්‍රිය පුවත්  ඩොලර් අර්බුදයක් නෑ..| ආණ්ඩුව අපහසුවට පත් කිරීමේ වැඩක්… - මන්ත්‍රී දේවානන්ද සුරවීර

විදේශයන්හි ජනප්‍රියත්වයක් මවාපාමින් පිම්බූ ‘මාලිමාවේ’ බැලුම දැන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද හුළං බහිමින් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x