June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනුර යාපනේදී කළේ කොන්ද පණ ඇති කතාවක්… එහෙම කොන්දක් වෙන කාටවත් නෑ…

1 min read

ජනාධිපති අනුර දිසානායක යාපනේදී සිදුකළේ කොන්ද පණ ඇති ප්‍රකාශයක් බවත් මෙතෙක් කිසිදු නායකයෙකුට එවැනි ප්‍රකාශයක් කළ නොහැකි වූ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පවසයි.

එම ප්‍රකාශය විපක්ෂය විසින් විකෘති කර ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, කිසිම බෞද්ධයෙක් නොමැති ස්ථානයක පන්සලක් හදා බස්වලින් සෙනග ගෙන්වා උද්ඝෝෂණ කර රට ගිනි තැබීමට උත්සාහ කරන විට සෙසු ජනාධිපතිවරුන් නිහඬව සිටි බවද පෙන්වාදෙයි.

දෙමළ ජනතාව කතරගම දෙවියන් පිදීමට ආවේ බුදු දහම ලංකාවට ලැබීමටත් පෙර සිට බවත් එය සහ තිස්ස විහාරයට බෞද්ධයන් යෑම සමාන කළ නොහැකි බවද ශානක්කියන් රොසමානික්කම් ප්‍රකාශ කරයි.

අද (23) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x