June 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණයට අපහාසයැයි කියා දේශපාලනය නායකයින් දඩයම් නොකරනු ! “ෆී ලෝයර්ස්” සංවිධානය පවසයි !

1 min read

අධිකරණයට අපහාස කරනවායැයි චෝදනා කරමින් දේශපාලන පක්ෂ නායකයන්ට හා දේශපාලන ක්‍රියාධරයන්ට එරෙහිව පොලීසිය යොදා ගැනීම, ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත් වී තිබෙන බවට සාක්‍ෂියකැයි “ෆී ලෝයර්ස්” සංවිධානය චෝදනා කරයි.

නීතිඥ අතුල ද සිල්වා ගේ හා රජිත් කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

“2026 ජූනි 16

අධිකරණ අපහාස කිරීම මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය දැඩිව හෙළාදකිමු!

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන පක්ෂ නායකයින් හා දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට භාධා කිරීම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩිව හෙළාදකී. ඉතිහාසයේ පක්ෂ නායකයින් පස් දෙනෙකුට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එකම නඩුවකදී මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමේ සිදුවීම් අති දුර්ලභය. එය පැහැදිලිවම මර්ධන උත්සාහයකි.
2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැත. එසේ තිබිය දී, දේශපාලනඥයින් නිහඬ කිරීමට පොලිස් බලය යොදාගැනීම ශිෂ්ඨ සමාජය සිදු නොවිය යුතු තත්වයකි.

ජනප්‍රිය පුවත්  ලාල්ගේ ගෙදර පින්කම බුකිය ගිනි තබයි!

පොලිස් රාජ්‍යයක පෙර මග සලකුණු!
පාලක පක්ෂය බලයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොණු කර ඇති දිවුරුම් පෙත්සමක් මගින් පිළිගෙන ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කොට ඇත. එපමණක් නොව අතීතයට බලපාන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරන ලදී. එවැනි දේශපාලනික සහ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් රජය විවේචනය කරන සෑම තරාතිරමකම පුද්ගලයින් අපහසුතාවය පත් කොට මෙල්ල කර ගැනීම සඳහා රජය විවිධ උපක්‍රමය යොදාගනිමින් ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ නිදහස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (a) කොටස මඟින් සහතික කර ඇත්තකි. දේශපාලන පක්ෂ නායකයින් හා ක්‍රියාකාරීන් දේශපාලන අදහස් ප්‍රකාශ කිරිම වැලැක්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. 10 වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස දේශපාලනීකරණය වූ පොලිස් සේවයේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරකම් මගින් විනාශ කළ නොහැකිය.

දේශපාලන පක්ෂ නායකයින්, ක්‍රියාකාරීන්ගේ නිදහස් අදහස් දැක්වීම් වැලැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව දරණ උත්සාහය පරාජය කළ යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩීව අවධාරණය කරයි.”

ජනප්‍රිය පුවත්  කිලිනොච්චි, මුලතිව් හමුදාව නෑ! උතුරෙන් හමුදාව ඉවතට!

නීතිඥ අතුල ද සිල්වා රජිත් කීර්ති තෙන්නකෝන්
සම කැඳවුම්කරු ප්‍රධාන විධායක නිලධාරි
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x