June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද විශ්වාසභංගය! නොරොච්චෝලේ GMව පාවාදී අත සෝදා ගැනීමේ සූදානමක්!

1 min read

අද (10) දවස පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විදුලිය බල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේට සියලුම වැරදි පටවා අමාත්‍යවරයා අත සෝදා ගැනීමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කරන ලද බාල ගල් අඟුරු මගඩියට අදාළ විගණන වාර්තාවේ දැක්වෙන තාක්ෂණික වැරදි සියල්ලටම වගකිව යුත්තේ නාමල් හේවගේ බවත්, ඒ කිසිවකට අගමැතිවරයා හෝ අමාත්‍යාංශ නිලධාරීන් සම්බන්ධ නොවන බවත් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දීමට අමාත්‍යවරයා සූදානම්ව සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

අමාත්‍යාංශ ලේකම්වරයා ද මෙම ප්‍රශ්නයට අදාළ ඇතැම් පුද්ගලයන් සමඟ පවසා ඇත්තේ ‘‘ජී.එම්.ගේ පිටින් දාලා දැන් මේගොල්ලෝ බේරෙන්න හදනවා. දැන් හැබැයි එහෙම කරන්නත් බැරි තරමට ප්‍රශ්නේ දුර ගිහිල්ලා තියෙන්නේ“ යනුවෙනි. බලශක්ති අමාත්‍යවරයා පසුගිය සතියේ දින තුනක්ම එක දිගට ගත කර ඇත්තේ නොරොච්චෝල බලාගාරය තුළය.

රවිඳු ජයමහ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x