ඉරානය න්‍යෂ්ටික අවියක් අත්හදා බැලුවා රුසියාව කියයි
1 min read
“ඉරානය න්‍යෂ්ටික බෝම්බ හදනවා” මේ යුද්ධය ආරම්භ වෙන්න හේතු වුන ප්‍රකාශයක් නමුත් තවම ඒ ගැන පිළිගත හැකි සාක්ෂි නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි රුසියාවේ හිටපු ජනාධිපති වගේම පුටින්ගේ සමීපතම සගයා වන දිමිත්‍රි මෙඩ්වදෙව් කියන්නේ ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික බෝම්බ ඉතා සාර්ථකව භාවිතා කරලා කියලා. මොහු කියන්නේ ඉරානය සතු සැබෑ “න්‍යෂ්ටික අවිය” යනු බෝම්බයක් නොව හෝමුස් සමුද්‍ර සන්ධිය කියලා. ඔහු සඳහන් කරන්නේ, මෙවර යුද්ධයේදී ඉරානය එම “අවිය” අත්හදා බැලූ බවත්, එය සාර්ථක බවත්ය.
එනම්, ලෝකයේ ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම හරහා ඉරානයට ලෝක ආර්ථිකය පවා කම්පා කළ හැකි බලයක් ඇති බවයි.
