July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අඩු මිලට ණය සොයන්න වැඩි මිලට LAZARD ට

1 min read

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාදාමයේ පියවරක් ලෙස ණය මිල දී ගැනීමේ (Debt Buyback) ක්‍රමවේදය හරහා විදේශ ණය කොටසක් පියවා දැමීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතනයක් වන ලාසාර්ඩ් ෆෙරෙස් (Lazard Freres) සමාගම සමඟ රජය සාකච්ඡා ආරම්භ කර තිබේ.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) අධ්‍යක්ෂ ජනරාල් උදේනි උඩුගහපත්තුව මේ බව අණාවරණය කළේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී ය. සැම්බියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ දී ලාසාර්ඩ් සමාගමේ විශේෂඥ සහාය ඉතා වැදගත් වූ බවද ඇය එහි දී ප්‍රකාශ කළාය.

මෙම සමාගම පසුගිය 2022 සිට 2024 කාලය සඳහා ලංකාවේ ප්‍රධාන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ උපදේශකයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ ශ්‍රී ලංකා රජය ඔවුනට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 2.32 ක් හෙවත් රුපියල් කෝටි 231.8 ක් පමණ) ගෙවා තිබේ. විපක්ෂයේ සිටිය දී ජනතා විමුක්ති පෙරමුණ ලාසාර්ඩ් සමාගමේ මෙම මැදිහත්වීමට කරනු ලබන ගෙවීම් පිළිබඳව බරපතල විවේචන එල්ල කර තිබේ. 2022 – 2024 කාලය සඳහා එම සමාගමට රු. කෝටි 232 කට ආසන්න මුදලක් ගෙවා ඇතත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ (බැඳුම්කර ණය) සුවිශේෂී තත්ත්වයක් ලැබී ඇතැයි පැවසිය නොහැක.

ජනප්‍රිය පුවත්  චම්පක වෙනුවෙන් භික්ෂු සංවිධානයක් ! කීනියාවල පාලිත හිමි බරටම වැඩ

ශ්‍රී ලංකාව ගෙන තිබෙන සමස්ත විදේශීය රාජ්‍ය ණය තොගයෙන් පුද්ගලික (වාණිජ) ණය හිමියන් වෙතින් ගෙන තිබෙන ණය තොගය 34% කි. මෙම සමස්ත වාණිජ ණය ප්‍රමාණයෙන් 81% ක්ම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ආයෝජකයින් වෙතින් අධික පොලියට ස්වෛරී බැඳුම්කර වලින් ගත් ණය තොගය වේ. ලාසාර්ඩ් සමාගමේ මෙවර ප්‍රතිව්‍යුහගතකිරීමට බාර ගැනීමට සූදානම්ව ඇත්තේ මෙම 34% ක් වූ ණය තොගයයි.

විශාල ණය අර්බුද පවතින රටවල් සඳහා ලාසාර්ඩ් සමාගම සාමාන්‍යයෙන් ක්‍රම දෙකකට ගාස්තු අය කරනු ලබයි. එක ක්‍රමයක් වන්නේ ස්ථාවර එකඟතා ගාස්තු ය. ග්‍රීසියේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ දී ඔවුන් මේ ක්‍රමය අනුගමනය කරමින් ඩො. මිලියන 25 ක් අය කළේය. අනෙක් ක්‍රමය වන්නේ මාසිකව ස්ථාවර මුදලක් (ඩොලර් 500,000 – 750,000 අතර) මාසිකව අය කරමින් සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකිරීම සාර්ථකව අවසන් වුවහොත් සමස්ත ණය ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් (සාමාන්‍යයෙන් 0.1% ක් පමණ) “සාර්ථකත්ව ගාස්තුවක්” ලෙස අය කරනු ලැබීමයි.

මෙම සමාගම නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි පොදු සමාගමක් වශයෙන් පිළිගැනෙන අතර, එහි කොටස් හිමියන් වන්නේ FMRLLC (Fidelity Investments), T. Rowe Price Group,inc, BlackRock,inc, Ariel Investments,LLC හා Vanguard Group ආදී සමාගම් ය.

ජනප්‍රිය පුවත්  පළාත් සභා, ජනාධිපතිවරණ, මහ මැතිවරණ නෑ! ජනමත විමසුමක්!

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටිය දී මෙම ඇමරිකානු සමාගම්වල පිහිට පතමින් මුදල් වැය කිරීම විශාල මුදල් නාස්තියක් ලෙස හුවා දක්වන ලදී.

  • චරිත තිරිමාදුරගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x