August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය විදේශ ලේකම් හදිසියේ ආවේ කුමකට ද ?

1 min read

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක යෙදුණේ ජනාධිපති අනුර කුමාර හමු වී ඉන්දීය අවශ්‍යතා කීපයක් පිළිබඳව සාකච්ඡා කර, තම රජයේ බලපෑම එල්ලකිරීමට බව රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග අණාවරණය කරයි.

මෙහිදී ප්‍රසිද්දියට පත් කර තිබෙන කරුණු වෙනුවට ඉන්දීය රජයේ බලවත් නොසතුට ඵලව ඇත්තේ, ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ ටෙන්ඩරය පිරිනැමීමේ කටයුතු දිගින් දිගටම ප්‍රමාද වී තිබීමය. ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා ජනාධිපති අනුර කුමාර හමුවේ අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධව දෙරට අතර දැනටමත් ඇති වී තිබෙන එකඟතා පරිදි කටයුතු සිදුවිය යුතු බවය.

ආණ්ඩුවේ “පැලවත්ත” පාර්ශවය විසින් එම හැඳුනුම්පත නිමැවීමේ කාර්යය චීන රජයේ සමාගමක් සමඟ කිරීමේ උවමනාවකින් පෙළෙන බව ඉන්දීය ඔත්තුසේවා මගින් ඉන්දීය රජය දැනුම්වත් කර තිබේ. එම බුද්ධි වාර්තාවන්ට අනුව, ශ්‍රී ලංකාවේ පුද්ගල ඩිජිටල් හඳුනුම්පත ඉන්දියාවට සාපේක්ෂව අඩු වියදමකින්, ඊට වඩා උසස් තාක්ෂණික හැකියාවන්ගෙන් හා දත්ත ආරක්ෂිතභාවයෙන් ඉහළ යෝජනාවක් චීන රාජ්‍ය සමාගමක් විසින් ආණ්ඩුවේ පැලවත්ත පාර්ශවයට ඉදිරිපත් කර ඇත. ඉන්දියානු කොන්දේසි යටතේ ඉන්දීය සමාගමකට එම “ටෙන්ඩරය” ලබාදීමට වඩා, චීන යෝජනාව හැම අතින්ම වාසිදායක බව ආණ්ඩුවේ පැලවත්ත පාර්ශ්වයේ මතය වී තිබේ. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර ද එම ස්ථාවරය කරා තල්ලුවීමේ අවධානමක් වෙතැයි ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

ජනප්‍රිය පුවත්  දේවගැති අගවිනිසුරුගේ සභාපති ඉල්ලා අස් වේ !

කඩිනමින්, එක්දින සංචාරයකට ශ්‍රී ලංකාව බලා පැමිණීමට ඉන්දීය විදේශ ලේකම්වරයාට බලපා ඇති ප්‍රධානතම හේතුව එයයි.

මීට අමතරව, බාහිර සමාජයට පෙනෙන ලෙස, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු තවත් කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්ව තිබේ.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ පැමිණීමෙන් පසු, ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ තීරණය තවදුරටත් අවිනිශ්චිතව පවත්වාගෙන යා නොහැකි බවට වටහාගෙන ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව පැලවත්ත පාර්ශවය සමඟ සාකච්ඡාවක් ද යොදාගෙන ඇත.

  • නාමල් බෝධාගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x