අගවිනිසුරුගේ වීඩියෝ පට 2 ක් ලීක් ! අගවිනිසුරුට එරෙහිව අධිකරණයම පෙළ ගැසේ !
1 min read
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් විනිසුරන් ද එයට යටින් ඇති අධිකරණයන් හි බොහෝ විනිසුරන් ද, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද බරපතළ ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රවණතාවයක් උද්ගතව තිබේ.
පසුගිය 10 වැනි දා බත්තරමුල්ල “වෝටර්ස් එජ්” හෝටලයේ පැවැති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වාර්ෂික සමුලුවට අගවිනිසුරුවරයා සහභාගී නොවීම ද මෙම ගැටුමේ ප්‍රතිඵලයක් බව නීති කේෂ්ත්‍රයේ මතය වී ඇත. අගවිනිසුරුවරයා එම අවස්ථාවට සහභාගී නොවුන ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වූ යසන්ත කෝදාගොඩ එම උත්සවයට ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගී වී තිබෙන අතර, එහි ප්‍රධාන දේශණයද පවත්වා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරන් අතරින් එම උත්සවය සඳහා ඊට අමතරව සහභාගි වී ඇත්තේ දිලිප් නවාස් විනිසුරුවරයා පමණී.
අපගේ ආරංචි මාර්ග පවසන අන්දමට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සිය දේශණයේ දී අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී තිබෙන බලපෑම ගැන විවේචනාත්මක අදහස් ඵළ කර ඇත. එයට නීතිඥයන් වෙතින් ඉහළ ප්‍රසාදයක් ද හිමි වී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර විදේශ ගත වූ අවස්ථා දෙකක දී වැඩ බලන අගවිනිසුරු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ සාම්ප්‍රදානුකූලව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු නොවේ.
එක් අවස්ථාවකදී ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ අගවිනිසුරුවරයා සහ තුරෛයිරාජා විනිසුරුවරයා ය. එහිදී වැඩ බලන අගවිනිසුරු ලෙස පත් කිරීමට නිර්දේශ කර තිබුණේ ශිරාන් ගුණරත්න විනිසුරුවරයා ය. එහෙත් ජ්‍යෙෂ්ඨත්වයෙන් එම විනිසුරුවරයා සිටින්නේ 6 වැනි ස්ථානයේ ය. ජෙෂ්ඨත්වයෙන් උඩම සිටි විනිසුරු යසන්ත කෝදාගොඩ ව නිර්දේශ කිරීම අගවිනිසුරුවරයා විසින් හිතාමතාම සිදු කර තිබුණේ නැත.
තවත් විදේශගත වූ අවස්ථාවකදී ද අගවිනිසුරුවරයා වැඩ බලන අගවිනිසුරු ලෙස පත් කිරීමට නිර්දේශ කරන ලද්දේ ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල සිටින අචල වෙංගප්පුලි විනිසුරුවරයා ය. එය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති සම්ප්‍රදායට පටහැනිව සිදු කරන ලද්දකි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ. අගවිනිසුරුවරයා ශ්‍රී ලංකා නීතීඥ සංගමය කෙරෙහි වෛරයෙන් බලන්නට පටන්ගෙන ඇත්තේ ඉන් පසුවය. නීතිඥ සංගමයේ ඉහත කී පැමිණිල්ලෙන් පසුව ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගේ නිර්දේශය නොතකාහැර වැඩ බලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ ව පත් කර තිබේ.
මීට අමතරව, “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීම මගින් ශ්‍රී ලංකාවට වූ පාඩුව පිළිබඳ නඩු විභාගය ද අගවිනිසුරු හා යසන්ත කෝදාගොඩ ගැටුමට බල පා තිබේ. එම නඩු විභාගය නිමා නොකර ලබා දෙන ලද අතුරු තීන්දුවක් මගින් යසන්ත කෝදාගොඩ ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ සමාගමට මූලික වන්දි ගෙවීමක් ලෙස ඩොලර් බිලියන 1 ක් ශ්‍රී ලංකා රජයට ගෙවන ලෙස නියෝග කළේය. ඒ අතරම සිදුව ඇති සමස්ත හානිය පිළිබඳව කරුණු විභාග කිරීමට නඩු විභාගය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය.
මෙහිදී අගවිනිසුරුවරයා විසින් යසන්ත කෝදාගොඩ අදාළ නඩු විභාගයෙන් ඉවත් කර, පංච පුද්ගල විනිසුරු මඩුල්ල ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් බවට පත් කර, නඩු විභාගය අවසන් කළේය. මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට (පංච පුද්ගල) එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම (ත්‍රී පුද්ගල) සිදු කරන ලද බරපතල අනීතික ක්‍රියාවක් බව නීති ක්ෂේත්‍රයේ මතය වී තිබේ.
අධිකරණ සේවා කොමිසම හරහා තමන්ට රිසි පරිදි තීන්දු නොදෙන විනිසුරුන් විවිද චෝදනාමත සේවයෙන් නෙරපීම ද අගවිනිසුරුවරයාගේ ප්‍රධාන කාර්යයක් වී ඇත. මේ වන විට එම ඉරණමට භාජනය කර ඇති විනිසුරන් සංඛ්‍යාව 43 කි. විනිසුරන් මේ හේතුව මත දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, සාධාරණ තීරණ ගැනීමට නොහැකි භීෂණයක ගොදුරු බවට පත්ව සිටී.
මෙම ප්‍රවෘත්තිය සමඟ අප ඔබට අගවිනිසුරුවරයා විසින් රෝගී භාවයට පත් තම ආගමික විශ්වාසය පිළිපදින විනිසුරුවරයකුගේ හිස මත අත තබා යාඥාවක යෙදෙන අන්දම දැක්වෙන විශේෂ වීඩියෝ පට දෙකක් ඵළ කර තිබේ. එහි හඬ, වෙනත් ශබ්දය වැඩි කර දෙන උපකරණයක් මගින් ඇසීමෙන් හොඳින් ශ්‍රවණය කිරීමට ඔබට හැකිවනු ඇත.
- නුවන් පතිරාජ ගමගේ –
පළමු වීඩියෝව
දෙවනි වීඩියෝව
